පාස්කු වාර්තාව හරියට දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වගේ – හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ

“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ - රනිල් වික්‍රමසිංහ

“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ - රනිල් වික්‍රමසිංහ

පාස්කු කොමිසමේ වාර්තාව, කොමිසම පිහිටුවීමේ අරමුණු කිසිවක් ඉටු නොකරන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ එය දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශය වැනි කිසිදු වැදගැම්මකට නැති තවත් ලියවිල්ලක් පමණක් බවයි.

‍එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් සිය ‍නිවසේ පැවති හමුවේදී ඔහු මේ බව පවසා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව එවැනිම තවත් දෙවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් මතුව තිබූ බවත් එම අවදානම සාර්ථකව මැඩපැවැත්වීමට සමත් වූ බවත් පෙන්වා දෙන හිටපු එජාප නායකයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් කිසිවක් වාර්තාවේ සඳහන්ව නොමැති බවයි.

පාස්කු ප්‍රහාරයට පෙර අවසන් වරට අප්‍රේල් 09 වැනිදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු හෝ වෙනත් ආරක්ෂක තොරතුරු කිසිවක් පිළිබඳව සාකච්ඡා නොවූ බවත් ඔහු පවසනවා. මෙම රැස්වීම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්, බුද්ධි ප්‍රධානීන් ඇතුළු සියලු දෙනා සහභාගි වූ බවද වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට පසුව එවැනි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කළේද යන්න පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි එජාප නායකයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *