පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට; වාර්තාව සැකසුවේ එහි සාමාජිකයන් ද අන්තවාදීන් ද?- ඥානසාර හිමි ප්‍රශ්න කරයි

”එක රටක් - එක නීතියක්” වෙනුවෙන් නව සාමාජිකයින් තිදෙනෙක්, දෙන්නෙක් අයින් වෙයි

”එක රටක් - එක නීතියක්” වෙනුවෙන් නව සාමාජිකයින් තිදෙනෙක්, දෙන්නෙක් අයින් වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් (23) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ. ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක හරිගුප්තා රෝහණධීර මහතා විසින් එය බාර දෙනු ලැබීය. එය පාර්ලිමේන්තු පුස්තකාලයට බාර දී ඇති බව ඇනගන්නට ඇත.

එම වාර්තාව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග (22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දුන් අතර පාර්ලිමේන්තුවට ලබා දී ඇති වාර්තාවේ පිටපත් 300ක් මුද්‍රණය කරන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මේ වනවිට අදාළ පිටපත් මුද්‍රණය කිරීමට සියලු පියවර ගෙන ඇති බව වාර්තා වේ. එම පිටපත් සියලුම මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.

පාස්කු කොමිසමේ වාර්තාව ගෙන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අදහස

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාව තුළින් සාධාරණයක් ඉෂ්ට වී වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුව ද දැනට දැන ගන්න ලැබෙන තොරතුරුවලට අනුව “යන්නේ කොහෙ ද? මල්ලේ පොල්” තත්වයට පත්වී ඇති බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ.

“පාස්කු කොමිසමේ කැකිල්ලේ තීන්දුව” තේමාව යටතේ (23) රාජගිරියේ පිහිටි සද්ධර්මරාජික විහාරස්ථානයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

දැනට තොරතුරු ලැබී ඇති පරිදි මේ රටේ ජාතික සංවිධානවලට සහ ජාතික සංවිධාන නායකයින්ට පාස්කු ප්‍රහාරයේ වගකීම බැර කර ඇති බව පැවසූ ඒ හිමියන් අන්තවාදී ක්‍රියා ඇති වීම තුළ ජාතික සංවිධාන බිහි වූවා මිස ජාතික සංවිධාන හේතුවෙන් අන්තවාදය ඇති වුණා යැයි කිසිවෙකුට හෝ කිව නොහැකි බව පැවසීය.

පාස්කු කොමිෂන් වාර්තාව සැබෑ ලෙස ම සැකසුවේ එහි සාමාජිකයන් ද නැතිනම් අන්තවාදීන් ද යන ප්‍රශ්නය මේ මොහොතේ ජාතිය හමුවේ තිබෙන බවත් කොමිෂන් සභා වාර්තාව වහා අහෝසි කර නව කොමිසමක් පත්කර සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙසත් අක්මීමන දයාරතන හිමියෝ මෙහිදී ඉල්ලා සිටියහ.

තව ද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ පැවැසූහ.

“අනාගත දේශපාලන බල වුවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදු බල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවට සැකයක් මතු වෙනවා. තව අවුරුදු 5කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන ඉන්න කවුරුන් හෝ සෘජුව ම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකෘතියක් කළා දැයි සැකයක් මතු වෙනවා. අන්තවාදී ක්‍රියා හෙළිකිරීම වරදක් නම් අපිත් ඕන දේකට මුහුණ දෙන්න ලෑස්තියි.

එමෙන් ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් කොමිසමට පැවසුවා. කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙනවා. කොමිෂන් සභා වාර්තාව විකෘතියක් බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුණේ දැයි සැකයක් මතු වෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *