කොවිඩ් ආසාදිත මාස 04 බිළිඳාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට, ආදාහනය තාවකාලිකව නතර කරයි

කොවිඩ් ආසාදිත මාස 04 බිළිඳාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට, ආදාහනය තාවකාලිකව නතර කරයි

කොවිඩ් ආසාදිත මාස 04 බිළිඳාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට, ආදාහනය තාවකාලිකව නතර කරයි

කොවිඞ් – 19 ආසාදිතව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්වූ මාස 04ක වයසැති බිළිඳාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසත් ඒ අනුව එම වාර්තාව ලැබෙන තෙක් ආදාහන කටයුතු සිදු කිරීම තාවකාලිකව නතර කළ බවත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිළිඳාය.

පසුගිය 12 වැනිදා මෙම දරුවාට උණ සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා පසුදින පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දීමට මව පියවර ගෙන තිබේ.

එම ප‍්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට ඇතුළත් කර ඇත. එහිදී දරුවා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර තිබෙන අතර එහි ප‍්‍රතිඵලය අනුව ඔහුට කොවිඩ් – 19 ආසාදනය වී නොමැති බව තහවුරුව තිබේ. පසුව PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එදිනම රාත‍්‍රියේ දරුවා මියගිය ගොස් ඇත. අනතුරුව PCR පරීක්ෂණයේ වාර්තාව ලැබී ඇති අතර එහිදී දරුවාට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් – 19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකරන නමුත් මෙම දරුවා එන්නතක් ලබාදීමෙන් පසු හදිසියේ මරණයට පත්වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාරගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එම වාර්තාව ලැබෙන තෙක් ආදාහන කටයුතු සිදු කිරීම තාවකාලිකව නතර කළ බවත් මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පවසයි.

ඉතාලියේ රැකියාවක් කරන මෙම දරුවාගේ පියා විදේශ ගතව ඇත්තේ දරුවා උපදින්නට මාස කිහිපයකට පෙර බවත් දරුවා මිය යනවිට පියා එම දරුවාව දැක නොතිබූ බවත් මරණ පරීක්ෂකවරයා පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *