හමුදාවට භාරවූ කොටි සාමාජිකයින් සම්බන්ධ චෝදනාවන් ජනාධිපති ලේකම් කාර්යාලය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි

හමුදාවට භාරවූ කොටි සාමාජිකයින් සම්බන්ධ චෝදනාවන් ජනාධිපති ලේකම් කාර්යාලය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි

හමුදාවට භාරවූ කොටි සාමාජිකයින් සම්බන්ධ චෝදනාවන් ජනාධිපති ලේකම් කාර්යාලය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ සිදුවූ අවසන් යුද්ධයේදී හමුදාවට භාර වූ දෙමළ ඊළාම් කොටි සාමාජික නායකයන් ඝාතනය කළ බවට යුද අපරාධ සහ ගෝලීය යුක්තිය පිළිබඳ හිටපුු එක්සත් ජනපද තානාපති ස්ටීවන් රොබ් (Stephen Rapp) කළ චෝදනාවන් ජනාධිපති කාර්යාලය ව්සින් ප්‍රතික්ෂේප කර ඇත.

මීට දින කිහිපයකට පෙර ස්ටීවන් රොබ්, 2009 දී ශ්‍රී ලංකාවේ පැවති අවසන් යුද්ධය අග, ආරක්ෂක ලේකම් ලෙස සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙය පිළිගත් බවත් කොළඹ දී පසු දිනක තමාව හමුවූ විට ඔහු මේ පිළිබඳව පැවසූ බවත් ස්ටීවන් රොබ්ස් මීට දින කිහිපයකට කලින් විවෘතව ප්‍රකාශ කර සිටියේය.

නමුත් එම කථාවෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනාධිපති කාර්යාලය පැවසූ බවට පෞද්ගලික මාධ්‍යක පලවී ඇත.

හිටපු ඇමරිකානු නිලධාරියාගේ තනතුරෙන් ඉවත්වීම සිදුවී අවුරුදු 7 කට පසු මෙවැනි වාර්තාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි තානාපති කාර්යාලයෙන් විමසා ඇති බවද ජනාධිපති කාර්යාලය සඳහන් කළ බව එම පුවත වාර්තා කරයි.

ලෝක දෙමළ කොන්ග්‍රසය, මානව හිමිකම් හා ගෝලීය යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය, නිව්යෝර්ක් විශ්ව විද්‍යාලය, සාමය හා යුක්තිය සඳහා වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරය සහ කැනේඩියානු දෙමළ සභාව එක්ව සංවිධානය කළ මාර්ගගත සාකච්ඡාවකට සහභාගී වෙමින් ස්ටීවන් රොබ් අදහස් දැක්වීය. හමුදාවට යටත්වූ එල්ටීටීඊ නායකයින් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා සමග සිදු කළ සාකච්ඡාව ගැන සිහිපත් කළේය. “මම ඔවුන්ව ඝාතනය කළා“ යනුවෙන් ඔහු පැවසූ බවද රොබ් සඳහන් කළේය.

මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය පවසා ඇත්තේ මෙම චෝදනාව ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන සමස්ත ව්‍යාපාරයක කොටසක් බවයි.

ස්ටීවන් රොබ් සිය බලයේ සිටි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් සමඟ සාකච්ඡා කළ බවට වාර්තා තිබේද? නැතහොත් මෙම තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග බෙදා ගත්තාද? මේ පිළිබඳව අපරාධ සහ ගෝලීය අපරාධ යුක්ති විනිශ්චය කාර්යාලය පැහැදිලි කල යුතු බව ජනාධිපති කාර්යාලය සිය කනස්සල්ල පළ කර ඇත.

මානව හිමිකම් ව්‍යාපාරය ලාභදායි ව්‍යාපාරයක් බව ජනාධිපති කාර්යාලය චෝදනා කර ඇත. බටහිර න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින් එම පුද්ගලයන්ට විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන බවත් රොබින්ගේ ප්‍රකාශය, ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා පාදක වූ, මහා විනාශකාරී ආයුධ ඇති බවට ඇමරිකා – බ්‍රිතාන්‍ය කළ ප්‍රචාරය ලංකාව සිහිපත් කරන බව ජනාධිපති කාර්යාලය පවසා ඇත.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *