කොරෝනා අලුත් ප්‍රභේදය මැද පෙරදිග සිට පැමිණි බව කියවෙද්දී, කොළඹ නගරය තුළත් රෝගීන් හඳුනා ගනී

කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදය සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි සිට පැමිණි බව කියවෙද්දී, කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකු හඳුනා ගනී

කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදය සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි සිට පැමිණි බව කියවෙද්දී, කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකු හඳුනා ගනී

කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවත්, ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් ආරක්ෂාකාරී ලෙස කටයුතු නොකර සිටියහොත් කොවිඩ් 3වන රැල්ලක් ඇතිවීම වැළැක්වීම අපහසුවන බවත් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

එක් රෝගියෙක් හමුවී ඇත්තේ හැව්ලොක් සිටි ප්‍රදේශයෙනි.

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව කොළඹ නගරයේ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂා තුළින් කොවිඩ් -19 වෛරස විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලත් අපි ඉතාමත් හොඳින් පාලනය කරලා තියෙනවා. නමුත් මහජනතාව ප්‍රවේසම් නොවුනොත් සහ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකර සිටියහොත්, අපිට 3වන රැල්ලක් ඇතිවීම වළක්වන්න අමාරු වෙන්න පුළුවන්.”

ඒ අනුව මේ වන විට බලධාරීන් අදාළ රෝගීන් දෙදෙනාගේ සමීපතමයන් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇත. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ හැකිතාක් දුරට ජනතාවගෙන් සහ විශේෂයෙන් සංචාරකයන්ගෙන් ඈත්වී සිටින ලෙසය. ඉදිරි කාලයේදී කොළඹ ජනතාවට රැස්වීමේ සීමා දැඩි කිරීමටද සෞඛ්‍ය අංශ තීීරණය කර ඇති බව දැනගන්නට ඇත.

මේ අතර මෙරට දී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍යය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ බවට වාර්තා වී ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සහ රටේ ඉදිරි කටයුතු කෙසේ සිදුවිය යුතුද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කර ඇති ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සම්බන්ධ විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කරුණු සොයා බලා ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කොට තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා අවධාරණ්‍ය කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන මේ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු මෙරටින් සොයා ගෙන ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *