Type to search

පිටු ලක්ෂය පන්නපු, ”පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගොනු අසම්පූර්ණයි”: නීතිපති පොලිස්පතිට දන්වයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ගොනු වල අඩුපාඩු පවතින බැවින් ඒවා නැවැතත් නිසි ලෙස සකස් කර ජනාධිපති කොමිසමේ වාර්තා ද සැලකිල්ලට ගෙන නොපමාව අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත ඊයේ (9) උපදෙස් ලබා දී තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සදහන් කළා ය.

ඒ අනුව, දැනට නීතිපතිවරයා විසින් තමන් වෙත ඉදිරිපත් කර තිබෙන විමර්ශන ගොනු වල අඩංගු සාක්ෂි හා අනෙකුත් ලේඛන සියල්ල සලකා බැලීමෙන් අනතුරුව අද දින එකී විමර්ශන ගොනු වල අඩුපාඩු සඳහන් කරමින් පිටු 30කින් යුත් උපදෙස් මාලාවක් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත.

පසුගිය 2019 අප්‍රෙල් 21 වන දින සිදු කරන ලද ස්වයං ඝාතක ප්‍රහාරයන් හා ඊට අනුබද්ධිත අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් මාලාවක් පොලිස්පතිවරයා වෙත ලබා දෙමින් නීතිපතිවරයා විසින් මෙසේ සඳහන් කර ඇති බව අධිනීතිඥවරිය පැවසුවා ය.

එම ස්වයං ඝාතක ප්‍රහාරයන් සම්බන්ධයෙන් වූ විමර්ශන සිදු කිරීමේ දි පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ලබා ගැනීමෙන් අනතුරුව එම වාර්තාවෙන් අනාවරණය වී ඇති වැඩිදුර සාක්ෂි හා කරුණු වේ නම් ඒ සම්බන්ධයෙන් සුදුසු වැඩිදුර විමර්ශනයන් සිදු කර අදාළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හෝ වැඩිදුර ප්‍රකාශ සහ වෙනත් සාක්ෂි ලබා ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

පාස්කු ප්‍රහාරයට අදාළ නඩු කටයුතු පමා වීම වැළැක්වීම සඳහා ඉහත සියලු ම කරුණු සම්බන්ධයෙන් නොපමාව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කිරීමක් නීතිපතිවරයා විසින් සිදු කර ඇති අතර ලිපිය ලැබී දින 14 ඇතුළත එම උපදෙස් මාලාවේ සදහන් සියලු ම කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත නොපමාව කරුණු වාර්තා කළ යුතු බව ද පොලිස්පතිවරයා වෙත දන්වා නීතිපතිවරයා දන්වා ඇත.
-MB


Related News :

පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව පිටු ලක්ෂය පන්නයි
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ලේ්ඛණ 100ක් විතර නීතිපති පොලිස්පතිට හරවා යවයි…

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *