කොරෝනා වතුරෙන් බෝවෙන්නේ නැහැ – සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

"මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී" - කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

"මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී" - කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

ජල මාර්ග හරහා කෝවිඩ් – 19 බෝවන්නේ නැති බවත් කොවිඩ් ආසාදිතයන් රඳවා තිබෙන ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටතට ගලා යන අපද්‍රව්‍ය සහිත ජය සම්බන්ධයෙන් බිය වියයුතු නැති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇමතිවරිය මේ බව පැවසූවේ විපක්ෂ මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිණි.

කොවිඩ් මරණ භූමිදානය තුළින් ජලයට වෛරසය මිශ්‍රවී යළි බෝවන බවට සඳහන් කරමින් ආණ්ඩුව මේ වනවිට කොවිඩ් භූමිදානය තහනම් කර ආදාහනය කරමින් සිටින පසුගිබිමක කැබිතිගොල්ලෑවේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අපද්‍රව්‍ය සහිත ජලය අසළ පිහිටි ප්‍රාතමික පාසල හරහා ගමන් කරන බවත් ඉන් පාසල් දරුවන් අවධානමකට ලක්ව ඇති බවත් සඳහන් කරමින් එම මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියේ කොවිඩ් – 19 වෛරසය ජලය හරා බෝ නොවන නමුත් රෝහල් අපද්‍රව්‍ය නිසා වෙනත් රෝග බෝ විය හැකි බැවින් ඒ සම්බන්ධයේන සොයා බලන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *