බෞද්ධ කොඩි සහ හමුදා ධජ වලින් පිරුනු මෙවර නිදහස් සැමරුම – දෙමළ මාධ්‍ය වාර්තා කරයි

බෞද්ධ කොඩි සහ හමුදා ධජ වලින් පිරුනු මෙවර නිදහස් සැමරුම - දෙමළ මාධ්‍ය වාර්තා කරයි

බෞද්ධ කොඩි සහ හමුදා ධජ වලින් පිරුනු මෙවර නිදහස් සැමරුම - දෙමළ මාධ්‍ය වාර්තා කරයි

යුද හමුදා ආචාර පෙළපාලි, යුද ජයග්‍රහණ සටහන් පාඨ සමග ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ 73 වන නිදහස් දින සැමරුම් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ උත්සවාකාරයෙන් සිදුවිය.

අගමැතිතුමා, ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් , ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළු රැසකගේ සහභාගිත්වයෙන් නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්විණි. ජාතික ධජයන් අඩු කොට බෞද්ධ සිංහල කොඩි සහ හමුදා ධජයන්ගෙන් යුක්තව මෙවර නිදහස් දින සැමරුම පැවැත්වීම විශේෂයකි.

73 වන නිදහස් සැමරුම පෙ.ව.7.15 ට ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝහාර සිදු කිරීමෙන් අනතුරුව ආරම්භ විය. ඉන් අනතුරුව ආරාධිත අමුත්තන්ගේ සපැමිණීම සිදුවිය. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, ආරක්ෂක ලේකම්, ආරක්ෂක ප්‍රධානී, ඇමතිවරුන්, අගවිනිසුරු, කථානායකවරයා, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ යන අයගේ සපැමිණීම සිදුවිය.

ඉන් අනතුරුව ජාතික කොඩිය එසවීම ජනපති අතින් සිදුවූ අතර පාසල් ළමුන් 45 කගේ සහභාගිත්වයෙන් ජාතික ගීය ගායනා කරන ලදී. ඉන් අනතුරුව ජයමංගල ගාථාව ගායනා කරන ලදී. ජාතිය වෙනුවෙන් දිවි පිදුවන් සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක නිහඩතාවයෙන් පසුව ජනපති ගෞරව සම්මාන වෙඩිමුර 21 ක් පැවැත්විණි.
බෞද්ධ කොඩි සහ හමුදා ධජ වලින් පිරුනු මෙවර නිදහස් සැමරුම - දෙමළ මාධ්‍ය වාර්තා කරයි

ඉන් අනතුරුව ජනපති විසින් රටේ වැසියන් අමතන ලදී. පසුව ත්‍රිවිධ හමුදා අචාර පෙළපාලිය සහ සංස්කෘතික අංගයන් සිදුවිය. මෙම උත්සව අවස්ථාව සඳහා දින කිහිපයක සිට නිදහස් චතුරස්‍රය අවට දැඩි ආරක්ෂාව තහවුරු කර තිබූ අතර එම ප්‍රදේශය පුරාවට බෞද්ධ කොඩි සහ සෞභාග්‍ය පිළිබිඹු කරන රත්පැහැ සිංහල කොඩි සහ ත්‍රිවිධ හමුදා බල ඇණි කොඩි බහුලව යොදවා තිබුණු දක්නට ලැබුණි. මෙම කොඩි අතර අතරින් පතර පමණක් ජාතික කොඩි කිහිපයක් යොදවා තිබීම දක්නට ලැබුණි.

රටෙහි පවතින කොවිඩ් තත්වය හේතු කර ගෙන මෙවර නිදහස් සැමරුම දැඩි පාලනයක් යටතේ සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත් අනුව සිදුවිය. මහජනතාවගේ සහභාගිත්වයෙන් තොරව ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පමණක් මෙවර නිදහස් දින සැමරුම පවත්වන ලදී.

virakesari

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *