‘ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මවුබිමක්’ – 73වන නිදහස් උළෙල සමරන්නේ මෙහෙමයි

‘ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මවුබිමක්’ - 73වන නිදහස් උළෙල සමරන්නේ මෙහෙමයි

‘ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මවුබිමක්’ - 73වන නිදහස් උළෙල සමරන්නේ මෙහෙමයි

‘ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මවුබිමක්’ තේමාව යටතේ 73 වන නිදහස් දින සමරු උළෙල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රධාන ආරක්ෂක අංශ සාමාජිකාවන් 7, 066 දෙනකුගේ සහභාගිත්වයෙන් ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියකින් වර්ණවත් කෙරෙමින් පෙබරවාරි 4 වන දා බ්‍රහස්පතින්දා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේත්, විදේශ තානාපතිවරුන්, විශේෂ ආරාධිත ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන නිදහස් සමරු උළෙලේ නර්තන හා වාදන ශිල්පීන් 340 දෙනකුගෙන් සමන්විත සංස්කෘතික පෙරහරක් ද පැවැත්වේ.

මෙවර නිදහස් දින සමරු උළෙලට ආරාධිතයන් 2,000ක් සහභාගී වීමට නියමිතය. පෙබරවාරි 2 වන දා රාත්‍රී නිදහස් මන්දිරයේදී පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවෙන් නිදහස් උළෙලේ ආගමික වතාවත් ආරම්භ කෙරේ. පෙබරවාරි 3 වන දා පෙරවරු 7.00ට ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙන් විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාව පිළිගැන්වීමට කටයුතු යොදා ඇත. නිදහස් උළෙල දා පෙරවරු 6.30ට බෞද්ධ ආගමික වතාවත් නාරාහේන්පිට අභයාරාමයේදීත්, පෙරවරු 6.30ට හින්දු ආගමික වතාවත් කොළඹ 04, බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදීත්, පෙරවරු 6.25ට ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ 4, නිමල් පාර, මජ්මායිල් කහිරාත් ජුම්මා දේවස්ථානයේදීත්, පෙරවරු 6.15ට කතෝලික දේව මෙහෙය බොරැල්ල සියලු සාත්තුවරයන්ගේ දෙව්මැදුරේදීත්, පෙරවරු 6.15ට ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ 06, මුවර් පාර, මෙතෝදිස්ත දේවස්ථානයේදීත් සිදු කෙරේ.

නිදහස් දින පෙරවරු 7.15ට කොළඹ නිදහස් චතුරස්‍රයේ ස්ථාපනය කර ඇති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම. හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතා ඇතුළු ඩී.එස්. සේනානායක ගුණසමරු කමිටුවේ සාමාජිකයෝ සහභාගි වෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *