චෝදනා ලැබ සිටින යුද හමුදා නිලධාරීන්ට විරුද්ධ ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණ අවශ්‍යයි – මිචෙල් පච්ලේ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබෙනවා - මිචෙල් බැචලේගේ ලිඛිත වාර්තාව

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබෙනවා - මිචෙල් බැචලේගේ ලිඛිත වාර්තාව

ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී ගැටුම් සහ යුද අපරාධවලට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පමුණුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් මිචෙල් පච්ලේ අවධාරණය කර ඇත.

ජිනීවාහි ලබන පෙබරවාරි මස ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සමුළුවෙහිදී ලංකාව පිළිබඳවූ වාර්තාවක් මිචෙල් පච්ලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. එම වාර්තාවේ අවුරුදු 37 ක් පුරාවට සිදුවූ යුද්ධයේදී අවසන් අදියරයේ ඝාතනය කරනු ලැබූ දහස් ගණනක ජනතාව සඳහා වන යුක්තිය පසිඳලීමට ලංකා රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් ඇය ලංකා රජයට චෝදනා කර ඇත.

එපමණක් නොව වගවීම සහ සංහිඳියාව තහවුරු කිරීම සඳහා අනුගමනය කළ අභ්‍යන්තර යාන්ත්‍රණය ඒ සඳහා වන විසඳුම් ලබා දීමට තවදුරටත් අපොහොසත් වී ඇති අතර දඩුවම් වලින් බේරීම සඳහා වන අවස්ථා තවත් වැඩි වී ඇති බවත් මිචෙල් පච්ලේ සඳහන් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍යක් හෙළි කර ඇත.

තවද මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පෙර සිටි රජය විසින් ඇතැම් ක්‍රියා මාර්ග ගනු ලැබුවද දැන් පත් ව ඇති ගෝඨාභය රජය විසින් ඒවා නවතා ඇති බවට වන තොරතුරු ද ඇයගේ වාර්තාවේ සඳහන් බව පුවත් හෙළි වී ඇත. මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ විචාරකයින් අධීක්ෂණය කිරීම්ද වැඩි වී ඇති බව කොමසාරිස්වරිය සඳහන් කර ඇත.

එමෙන්ම හමුදාව රෝහල් මතද ගුවන් මගින් ප්‍රහාර එල්ල කළ අතර යුද්ධයේදී භාරවූවන් ඝාතනය කල බවද දහස් ගණනින් දෙමළ වැසියන් අතුරුදන් කළ බවද මිචෙල් පච්ලේ තම වාර්තාවේ චෝදනා කර ඇත.

මෙම යුද අපරාධවල නියැලුනු අයට විරුද්ධව පරීක්ෂණ පැවැත්විය යුතු බව ප්‍රථම වතාවට සඳහන් කර ඇති මානව හිමිකම් කොමසාරිස් දෙමළ කැරළිකරුවන් ඇතුළුව යුද අපරාධවල සිදු කල අයට දඩුවම් ලබා දිය යුතු බවද සඳහන් කර ඇත.

යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ චෝදනා ලැබූවන් හට ගමන් තහංචි යෙදීමටත් ඔවුන් ගේ දේපල රාජසන්තක කිරීමටත් නිර්දෙශයන් ඇයගේ වාර්තාවේ ඇතුලත්වී තිබීම මෙහිදී සඳහන් කළ යුතුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *