වී අස්වැන්නෙහි දැඩි පහත වැටීමක්, ගැනුම් මිලත් සාධාරණ නැහැ. ගොවීන් දුකෙන්

වී අස්වැන්නෙහි දැඩි පහත වැටීමක්, ගැනුම් මිලත් සාධාරණ නැහැ. ගොවීන් දුකෙන්
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මෙම කන්නයේ වී අස්වැන්න දැඩි ලෙස අඩු වී ඇති අතර ගොවීන්ගෙන් වී මිලදී ගැනීමත් සාධාරණ නොවන මිලකට සිදුවන බැවින් ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
දැනට මෙම කන්නයේ වී අස්වනු නෙලන අතර බොහෝ ගොවීන්ගේ අස්වනු බලාපොරොත්තු නොවූ අන්දමින් ඉතා අඩු මට්ටමක පවතී.
ඇතැම් ගොවීන්ගේ නිෂ්පාදන වියදම පවා ලබා ගත නොහැකි තත්වයට පත්වී ඇති බව ඔවුන් කියා සිටියහ.
එමෙන්ම වී මිලදී ගන්නා පෞද්ගලික ආයතනද සාධාරණ මිලක් නොදී අඩු මිලකට මිලදී ගන්නා බවත් වෙන කිසිවක් කර කියා ගත නොහැකිව ගොවීන් එම මිලටම විකුණා දමන බවත් ගොවීන් පවසා සිටියහ.