මාර්තු මාසයේ කොළඹ උද්ධමනය ඉහළට

0
අගෝස්තු මාසයේදී කොළඹ උද්ධමනය 8% දක්වා ඉහළට

අගෝස්තු මාසයේදී කොළඹ උද්ධමනය 8% දක්වා ඉහළට

අද (31) දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 මාර්තු මාසය සඳහා 2.2%ක් දක්වා වැඩි වී ඇත.

එය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6%ක් ලෙස වාර්තා වී තිබුණි.

2026 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.7% දක්වා වැඩි වී ඇති අතර 2026 පෙබරවාරි මාසයේ දී එය වාර්තා වූයේ 0.2 %ක් ලෙසයි.

එමෙන්ම, 2026 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2.9%ක් දක්වා වැඩි වී ඇති අතර,2026 පෙබරවාරි මාසයේ දී 2.3%ක් ලෙස වාර්තා වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *