දකුණු මුහුදේ දී අනතුරට ලක් වූ සිමෙන්ති නෞකාව නිරීක්ෂණයට නාවික හමුදා හා වරාය අධිකාරිය සහ ගුවන් හමුදා

දකුණු මුහුදේ දී අනතුරට ලක් වූ සිමෙන්ති නෞකාව නිරීක්ෂණයට නාවික හමුදා හා වරාය අධිකාරියේ යාත්‍රා දෙකක් සහ ගුවන් හමුදා යානයක්

දකුණු මුහුදේ දී අනතුරට ලක් වූ සිමෙන්ති නෞකාව නිරීක්ෂණයට නාවික හමුදා හා වරාය අධිකාරියේ යාත්‍රා දෙකක් සහ ගුවන් හමුදා යානයක්

දකුණු මුහුදේ, කුඩා රාවණා පරය අසාසන්නයේ දී (23) අනතුරට ලක්වූ ලයිබීරියානු සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ තය නිරීක්ෂණය සඳහා නාවික හමුදා හා වරාය අධිකාරියේ යාත්‍රා දෙකක් සහ ගුවන් හමුදා යානයක් එක් කර තිබේ.

ගල් පරයක වැදීමෙන් අනතුරට පත්ව ඇති බවට සැක කෙරෙන මෙම නෞකාව මුදා ගැනීම සඳහා මේ වන විට නාවික හමුදාවට අයත් රත්නදීප නෞකාවත්, වරාය අධිකාරියට අයත් පණ්ඩුකාභය නැමති ටග් යාත්‍රාවත් එම ස්ථානයට යොමු කර තිබේ.

එමෙන්ම, ගුවන් හමුදාවේ සමුද්‍රීය බළගනයට අයත් B200 නැමති බීච් ක්‍රාෆ්ට් යානය ද අනතුරට ලක්වූ නෞකාව නිරීක්ෂණයට එක් කර ඇත.

කෙසේවෙතත් අනතුරට ලක්වූ නෞකාවෙන් මුහුදට, සිමෙන්ති හෝ ඉන්ධන කාන්දුවක් සිදුව නොමැති බව නාවික හමුදාව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *