ඉන්දීය ධීවරයන්ගේ මරණය – නවදිල්ලියේ සිට ලංකා රජයට දැඩි අනතුරු ඇඟවීමක්

ඉන්දීය ධීවරයන්ගේ මරණය - නවදිල්ලියේ සිට ලංකා රජයට දැඩි අනතුරු ඇඟවීමක්

ඉන්දීය ධීවරයන්ගේ මරණය - නවදිල්ලියේ සිට ලංකා රජයට දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා නාවික බෝට්ටුවක් නැදුන්තිව් මුහුදේ ඉන්දීය ධීවර බෝට්ටුවක් සමග ගැටිම නිසා බෝට්ටුව පෙරළීමෙන් තමිල්නාඩු ධීවරයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, ලංකා රජය දැඩි ලෙස හෙළා දැක තිබේ. තවද මේ සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු තමිල්නාඩු මහ ඇමති පලනිච්චාමි ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාට ද දැඩි විරෝධය පළ කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව තමිල්නාඩු ධීවරයින් ඝාතනය කළ බවට ඔවුහු චෝදනා කරති. සිද්ධියට එරෙහිව තමිල්නාඩුවේ විරෝධතා පැවැත්වෙමින් තිබේ.

ඉන්දීය ධීවරයන්ගේ මරණය - නවදිල්ලියේ සිට ලංකා රජයට දැඩි අනතුරු ඇඟවීමක්

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නාවික හමුදාව එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය මත සිද්ධිය විමර්ශනය කිරීම සඳහා කමිටු දෙකක් පත් කර ඇති බවයි. තම අමාත්‍යාංශය යටතේ තවත් කමිටුවක් පත් කර ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර වින්දිතයන් සිව් දෙනාගේ සිරුරු ඉදිරි දින කිහිපය තුළ ඉන්දීය බලධාරීන්ට භාරදීමට කටයුතු කරමින් සිටින බව ධීවර අමාත්‍යවරයා පැවසීය. ඔහු කියා සිටියේ මෙම සිදුවීම අනපේක්ෂිත ලෙස සිදුව ඇති බවයි. දේශ සීමාව හරහා මසුන් ඇල්ලීම නතර කරන ලෙස ඔහු තමිල්නාඩු ධීවරයින්ගෙන් ඉල්ලා තිබේ.

තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා ධීවරයින්ගේ දේපළවලට අඛණ්ඩව හානි පමුණුවන බවත් එය වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *