පුරාණ වටිනාකමක් සහිත රන් බුදු පිළිමය විකිණීම සඳහා රැගෙන ගිය තිදෙනෙකු අත්අඩංගුවට!

පුරාණ වටිනාකමක් සහිත රන් බුදු පිළිමය

පුරාණ වටිනාකමක් සහිත රන් බුදු පිළිමය

පුරාණ වටිනාකමක් සහිත රන් බුදු පිළිමයක් විකිණීම සඳහා රැගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු මුලතිව්හි දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය සාධක බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුවලට අනුව, මුලතිව් – සෙල්වපුරම් හමුදා මුරපොළ අසල වෑන් රථයක් සෝදිසි කරමින් සිටියදී මෙම පිළිමය සොයාගෙන ඇත.

ඉපැරණි රන් බුදු පිළිමය විකිණීමේ අරමුණින් ළඟ තබාගෙන සිටි සැක සහිත පුද්ගලයින් තිදෙනාම අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසියට භාර දී තිබේ.

වයස අවුරුදු 21, 41 සහ 51 යන වයස්වල පසුවන අදාළ සැකකරුවන් හැටන්, දෙහිවල සහ කොටගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසා ඇත.

සැකකරුවන් තිදෙනාවම අද දින මුලතිව් මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *