මහ බැංකුවෙන් බැංකුවලට රතු එලියක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

කොවිඩ් – 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බැංකුවල ද්‍රවශීලතාවයට අහිතකර බලපෑමක් සිදුවිය හැකි බව සැලකිල්ලට ගනිමින් හා ප්‍රමාණවත් මූල්‍ය සංචිත පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු ක්‍රියාකාරිත්වය සීමා කිරීමේ නියෝග 04ක් (19) දින නිකුත් කර තිබේ.

මේ අනුව 2021 ජුනි 30 වැනි දින තෙක් පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් බැංකු පනතේ නියෝගවලට අනුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී ඇත.

(අ) තමන්ගේම කොටස් ආපසු මිලදී ගැනීමෙන් වැළකීම,

(ආ) කළමනාකරණ දීමනා සහ අධ්‍යක්ෂ මණ්ඩල ගෙවීම් ඉහළ දැමීම නතර කිරීම,

(ඇ) වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම, ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම්, තෑගි ලබාදීම්, විනෝද කටයුතු, අනුග්‍රහ ලබාදීම්, සංචාර සහ පුහුණු කටයුතු සිදු කිරීමෙන් වැළකීම,

(ඈ) ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේදී අතිශය සැලකිලිමත්වීම,

ලාභාංශ ගෙවීමේදී 2016 අංක 01 බැංකු පනතේ නියෝගයන්හි සඳහන් ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳව, අපේක්ෂිත වත්කම් වර්ධනය සහ කොවිඩ් වසංගත බලපෑම් පිළිබඳව බලපත්‍රලාභී බැංකු විසින් සැලකිලිමත් විය යුතු බවද එම නියෝග මගින් පෙන්වා දී ඇත.

පසුගිය කාලයේ විදෙස් මූල්‍ය ආයතන මගින් ලංකා බැංකුව ශ්‍රේණිගත කිරීම්වලින් පහත දමා තිබුණේද බැංකුවේ ප්‍රාග්ධන හැකියාව සැලකිල්ලට ගනිමින් බව වාර්තා විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *