MCC ගිවිසුම ව්‍යවස්ථාවට පටහැණියි – නීතිපතිවරයා

MCC ගිවිසුම ව්‍යවස්ථාවට පටහැණියි - නීතිපතිවරයා

MCC ගිවිසුම ව්‍යවස්ථාවට පටහැණියි - නීතිපතිවරයා

එම්.සී.සී.ගිවිසුමේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට (19) දැනුම් දී තිබේ. එම්.සී.සී. සංයුක්ත සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් හා එම්. සී. ඒ. සංගමයේ ලිපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ද නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම්.සී.සී.ගිවිසුව සමාලෝචනය සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ද ගිවිසුමේ අන්තර්ගත බොහෝ කරුණු මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව ද නීතිපතිවරයා පෙන්වා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

එම්.සී.සී. කම්පැක් ගිවිසුම හා ඊට ආනුශාංගික ගිවිසුම් ශ්‍රී ලංකාවේ නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැළපෙන හා පටහැනි බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට (19) දැනුම්දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය .

එම් .සී.සී ගිවිසුම සම්බන්ධයෙන් පිටු 20 කින් යුත් විස්තරාත්මක හේතු දැක්වීමක් සහිත උපදෙස් ලිපියක් නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ බවද රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය .

එම හේතූන් නිසා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ නෛතික භාධාවක් පවතින බවද නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇත.

රජයේ ආයතන හා අදාළ අමාත්‍යාංශ දී තිබුණු සියලු නිරීක්ෂණයන් සහ අගමැතිවරයා පත්කළ කමිටු වාර්තාවේ අඩංගු කරුණු ද එම්.සී.සී.කම්පැක් ගිවිසුම සහ ඊට ආනුශාංගික ගිවිසුම්වල සඳහන් සියලු ප්‍රතිපාදන හා කොන්දේසි හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ විදේශ අමාත්‍යාංශයේ සියලු නිරීක්ෂණයන් සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කැර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *