ඇමරිකාවේ මෘතශරීර ආදාහන නීතිරීති ලිහිල් කිරීමක්

ඇමරිකාවේ මෘතශරීර ආදාහන නීතිරීති ලිහිල් කිරීමක්

ඇමරිකාවේ මෘතශරීර ආදාහන නීතිරීති ලිහිල් කිරීමක්

මරණයට පත් වූ ශරීරයක අවසන් කටයුතු කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත, පරිසර හිතකාමී ක්‍රමවේදය අනූව භුමදානය කිරීම යනු ලොව පිළිගත් මතයයි. එයට පටහැනිව ආදාහනය කිරීමෙන් ඇතිවන පාරිසරික හා සෞඛ්‍ය අවදානම හේතුවෙන් විවිධ රටවල් වල විවිධ ප්‍රදේශයන් වල ආදාහනය සඳහා සීමා කිරීමේ නීති පනවා ඇත.

ඇමරිකානු එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් දිස්ත්‍රික්කයේ ද මෙවැනිම සීමා කිරීමේ නීති පනවා තිබේ. එහෙත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාසිකව සිදුවන මරණ සංඛ්‍යාව දෙගුණයක් වීම නිසා සීමාවට වඩා අධික ඉල්ලුම්පත්‍ර ලැබීමට පටන්ගෙන ඇත. මෙම ඉල්ලුම් පත්‍ර සලකා බැලීමෙන් පසුව, මෘත ශරීර ආදාහනය කිරීමේ කොන්දේසි ලිහිල් කිරීමට ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික්ක නිලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *