දෙමළ මහජන නියෝජිතයන්ගේ විරෝධය මැද මුලතිව් පුරාවිද්‍යා කැණීම් පටන් ගැනේ

දෙමළ මහජන නියෝජිතයන්ගේ විරෝධය මැද මුලතිව් පුරාවිද්‍යා කැණීම් පටන් ගැනේ

දෙමළ මහජන නියෝජිතයන්ගේ විරෝධය මැද මුලතිව් පුරාවිද්‍යා කැණීම් පටන් ගැනේ

මුලතිව්, කුරුන්තූර්මලෛ ප්‍රදේශයේ පිහිටි ශිවන් අයියනාර් කෝවිල පිහිටි බව කියන ස්ථානයේ ඊයේ දිනයේ (19) ජාතික උරුම ප්‍රසංග කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු පුරාවිද්‍යා කැනීම් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේකම් ඇතුළු නිලධාරීන්ද මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන අණ දෙන නිලධාරී මේජර් ජනරාල් රත්නායක යන අය සහභාගී වූහ. මෙහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස කුරුන්තූර්මලෛ හි සලකුණු කර ඇති පුරාවිද්‍යා ස්ථානද නිරීක්ෂණය කළහ. මුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් මෙලෙස පුරාවිද්‍යා ස්ථාන ලෙස, තැන් 160 ක් සලකුණූ කර ඇත.

දෙමළ මහජන නියෝජිතයන්ගේ විරෝධය මැද මුලතිව් පුරාවිද්‍යා කැණීම් පටන් ගැනේ
දෙමළ ජනයා පාරම්පරිකව වන්දනාමාන කරන කුරුන්තූර්මලෛ හි පිහිටි ශිවන් අයියනාර් කෝවිල ඉවත් කර විහාරස්ථානයක් ගොඩනැගීමට මීට පෙර කළ උත්සාහය ප්‍රදේශවාසීන් කළ විරෝධය මධ්‍යයේ මුලතිව් අධිකරණය නියෝගයක් නිකුත් කරමින් නවතනු ලැබීය.

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බපම් රජය ගෙන යන මෙම ක්‍රියාව තරයේ හෙලා දකිමින්, පුරාවිද්‍යා කැනීම් සිදුකරන බව පවසමින් තම ජනතාව ජීවත්වන ප්‍රදේශ සැලසුම් සහගතව අත්පත් කර ගනිමින් සිටින බව එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවක පවසා සිටියේය.

මෙලෙස පුරාවිද්‍යා කැනීම් යැයි පවසමින් රජය දෙමළ ජනයා සතු ඉඩම් අත්පත් කර ගනිමින් සිංහල ජනපදකරණය කිරීමට උත්සාහ කරන බව ප්‍රදේශවාසීන් චෝදනා කරති. මහජන නියෝජිතයින් සහ මාධ්‍ය වේදීන්ට එම ස්ථාන නිරීක්ෂණය කිරීම ආරක්ෂක අංශ බාධා කිරීම මගින් මෙම ස්ථානයේ රහසිගත ක්‍රියාවක් සිදුවන්නේද යන්න පිළිබඳ සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රකුමාර් පවසා සිටියේය. තවද හින්දු බැතිමතුන් දීර්ඝ කාලයක් තිස්සේ වන්දනාමාන කරන දෙමළ ජනතාවගේ ඓතිහාසික උරුමයන් මේ අයුරින් විනාශ කර දැමීම හෙළා දකින බවත් ඔහු පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *