‘තරුණ තරුණියන්ගේ අනාගතයට මුදල් වියදම් කරන්න මේ ආණ්ඩුව ලෑස්ති නෑ’ – රනිල්

“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ - රනිල් වික්‍රමසිංහ

“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ - රනිල් වික්‍රමසිංහ

කොරෝනා එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ආණ්ඩුව අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ඩොලර් මිලියන 10ක් ඉල්ලන බව තමන්ට ආරංචි බවත් නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින රටක එය රජය විසින් වියදම කල යුතු බවත් අයවැයෙන් එම මුදල් වෙන් කලයුතු බවත් ඒ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මිරිහාන ප්‍රදේශයේ අද පැවති තරුණ හමුවකට එක්වෙමින්.

එන්නත් ලබාගැනීම සඳහා අයවැයෙන් පළමුවෙන්ම රුපියල් මිලියන 20,000ක්වත් වෙන් කලයුතු බවත් එසේ නොකට පුද්ගලික අංශයෙන් හිඟා කන බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් වෙන් කරන්න ආණ්ඩුව සුදානම් නොමැති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සනදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *