පුරසාරම් දෙඩ වූ පවිත්‍රා වහාම ඉල්ලා අස්විය යුතුයි – මනූෂ නානායක්කාර

විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ බලපත්‍ 400ක් තහනම්

විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ බලපත්‍ 400ක් තහනම්

කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන අය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න නැඟූ විට, පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයට වඩා අවම සංඛ්‍යාවක් කොවිඩ් වෛරසයෙන් මිය ගොස් ඇති බවට රජය පිළිතුරු දෙන ලදී.

නමුත් වර්තමානයේ කොවිඩ් මරණ සංඛ්‍යා ගණන 260 ඉක්මවා ඇති හෙයින් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි ඉල්ලා අස්විය යුතුයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සඳහා රජයට මුදල් නැත යනුවෙන් ප්‍රකාශ කළ රජය ටෙලිකොම් ආයතනයේ ලාංඡනය වෙනස් කිරීමට බිලියන 2ක මුදලක් වියදම් කර ඇත. මෙවැනි අනවශ්‍ය වියදම් වළක්වා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පියවර ගත යුතුයි යනුවෙන් ද ඔහු පෙන්වා දුන්නේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 18 වන සඳුදා දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ ඔහු තවදුරටත් කියා සිටියේ,

උදයංග වීරතුංග විසින් මෙරටට රැගෙන ආ යුක්රේන් පොකුර මේ වන විට දළදා මාලිගාවටත් ඇතුළු වී තිබේ. පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේදී 260 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇත.
නමුත් වර්තමානයේ කොවිඩ් වෛරසය හේතුවෙන් 260කට අධික පිරිසක් මිය ගොස් ඇත. මෙයට රජය ලැජ්ජා විය යුතුයි.
ගාල්ල වැනි ප්‍රදේශවල හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන රජය විසින් නිකුත් කළ සංඛ්‍යාවන්ගේ සිට වෙනස් වන බව අප කළ සමීක්ෂණයකින් සොයා ගත්තෙමු.
ආසාදිත බලපෑම් අවම බව මහජනතාවට පෙන්වීමට ආසාදිතයින් සංඛ්‍යාව අවම ලෙස ප්‍රකාශ කර ජනතාව තවදුරටත් අනතුරු අවම තත්ත්වයකට තල්ලු නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටිමු.

යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ මහ බැංකු වංචාව පිළිබඳ දැඩි විවේචනයට ලක් කළහ. නමුත් ඊට වඩා බරපතල වංචා සීනි බදු අඩු කිරීම මඟින් ඇති විය. අනවශ්‍ය වියදම් වළක්වා කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *