ලන්ඩනයේදී කොරෝනා වෛරසයට එන්නත ලබා ගත් ලාංකිකයෙක් කල හෙලිදරව්වක්

ආණ්ඩුව ඇස්ට්‍රාසෙනිකා එන්නත බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවෙන් ලබා ගැනීමේ උත්සාහයක

ආණ්ඩුව ඇස්ට්‍රාසෙනිකා එන්නත බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවෙන් ලබා ගැනීමේ උත්සාහයක

බ්‍රිතාන්‍යා ඔක්ස්ෆර්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයෙක් තම අත්දැකීම තම ෆේස්බුක් පිටුවෙහි මෙලෙස සටහන් කර ඇත.
මෙතෙක් කොරෝනා ආසාදනයට එරෙහිව ලෝකයේ භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් එන්නතක මිල රුපියල් 570 කි. (3$ කි)
කිසිදු වටිනාකමක් නැති පළාත් සභා මැතිවරණයට ලංකාවේ වියදම් කරන කෝටි 750 න් ලංකාවේ සිටින ජනතාවගෙන් 65% කට මෙම එන්නත ලබා දෙන්න පුළුවන්. රුපියල් කෝටි 750 වියදම් කළ විට ඔක්ස්ෆර්ඩ් එන්නත් මිලියන 13 ක් ලබා ගත හැකියි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඉතා අඩු මිලකට එම එන්නත ලබා ගත හැකියි. ඔක්ස්ෆර්ඩ් එන්නත මත අප විශ්වාස තැබීමට හේතු පවතී.
කොරෝනා වෛරසයට වඩා 12 ගුණයකින් ප්‍රබල ඉබෝලා වෛරසය තුරන් කිරීමට එන්නත සොයා ගත් බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් මෙම එන්නත හඳුන්වා දී ඇත. ඒ අතර මෙම එන්නත බ්‍රිතාන්‍ය වැසියන් මිලියන 3 කට ලබා දී ඇත. රටේ සියලු වැසියන්ටම මෙය ලබා දීම සඳහා සතියේ දින 7 ම පැය 24 ම ක්‍රියාත්මක වේ.

ඔක්සිෆර්ඩ් එන්නත සාමාන්‍ය සිසිලක ගබඩා කර තැබිය හැකියි. එන්නත ලබා ගත් අයට කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැත. එන්නත ලබා ගැනීමෙන් පසු උණ හට ගත්තේ නම් පැරසිටමෝල් 2 ක් ප්‍රමාණවත්.

පසුගිය දින කිහිපය තුළ එන්නත ලබා ගත් මාහට කිසිදු උණක් වැළඳුනේ නැහැ. මත්පැන්වලටත් මෙම එන්නතයටත් කිසිදු සම්බන්ධයක් නැහැ.
මෙමගින් මගෙන් තවකෙනෙකුට හෝ තවකෙනෙකුගෙන් මට මෙම වෛරසය ව්‍යාප්ත නොවේ.

එබැවින් මෙම කොරෝනා වෛරසය තුරන් කිරීමට කරුණාකර එන්නත් ලබා දීම ලංකාවේත් සිදු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *