සියලු නියාමන ආයතන ආණ්ඩුවට අරහන් වේ

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි ඇතුන් 31 දෙනෙකු අතුරුදහන් වී 12 දෙනෙකු මියගොස් ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයට අලි ඇතුන් 52නෙකු 2015 වසරේ මේය ආරම්භ කිරීමත් සමග යොමු කර තිබේ. මෙයින් අලි 12 දෙනෙකු ආහාර අහේනිය සහ මන්ධපෝෂණය නිසා මියගොස් ඇති අතර ඉතිරිව ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු බව එම විගණන වාර්තාවෙන් හෙළිකර ඇත. අලි ඇතුන් සඳහා ආහාර සැපයීමට වසරක් තුළදී රුපියල් දෙකෝටි හැට එක්ලක්ෂ තිස්තුන්දහස් හතිසියයක් (රු. 26,133,700) කොන්ත්‍රාත් වශයෙන් ලබාදී තිබියදී අලි 12 දෙනෙකු ආහාර අහේනියෙන් මියගොස් තිබීම විශේෂත්වයකි. එමෙන්ම අලින් 31 දෙනෙකු මෙම මධ්‍යස්ථානයෙන් පැන ගියාද නැතහොත් මියගියාද යන්න පිළිබඳව වනජීවි දේපාර්තමේන්තුව සතුව කිසිදු තොරතුරක් නැති බව එම විගණනයෙන් සොයාගෙන තිබේ. මූලාශ්‍ර – අද

පසුගිය දෙසැම්බර් 16 අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් පවතින සියලු නියාමන ආයතන දැඩි දෝෂ දර්ශනයකට ලක් කර ඇත.

මහජන උපයෝගිතා කොමිසම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ඖෂධ නියාමන අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිසම සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම නියාමන ආයතන සංවර්ධනයට බාධා කරන ආයතන ලෙස එමගින් හඳුන්වා තිබේ.

මේ සියලුම නියාමන ආයතන අහෝසි කිරීමේ පළමු පියවර ලෙස විදුලිය, ජලය සහ ඛනිජ තෙල් මිලදී ගැනීම හා විකුණුම් මිල තීරණය කරන මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට අගමැතිවරයා යෝජනා කර ඇත. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කලින්ම ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දන්වා තිබුණි. කෙසේ නමුත් එම පියවර නීතිවිරෝධී හෙයින් පසුව නියාමන කොමිසමේ සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ, මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු සියලු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දුරකථනයෙන් දන්වා තිබුණි.

– LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *