කොරෝනාව තුරන් කිරීම සඳහා කාන්තාවන් ප්‍රවර්ධනය කිරීමේ සැලැස්මක් – ආදර්ශයක් වූ අකුරණ

කොරෝනාව තුරන් කිරීම සඳහා කාන්තාවන් ප්‍රවර්ධනය කිරීමේ සැලැස්මක් - ආදර්ශයක් වූ අකුරණ

කොරෝනාව තුරන් කිරීම සඳහා කාන්තාවන් ප්‍රවර්ධනය කිරීමේ සැලැස්මක් - ආදර්ශයක් වූ අකුරණ

අකුරණ ප්‍රාදේශී සභාව සහ අකුරණ ලේකම් කාර්යාලය එක්ව කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කොරෝනා ආසාදනය හේතුවෙන් නිවෙස්වල අනුගමනය කළ යුතු සනීපාරක්ෂක නීති නිසි ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ පුහුණුව ලත් උපාධිධාරී කාන්තා සේවිකාවන් හරහා ග්‍රාම නිලධාරි වසම් අනුව සෑම නිවසකටම පැහැදිලි කිරීම ප්‍රධාන අරමුණ වේ.

අකුරණ ප්‍රාදේශි සභාවේ සභාපතිනි ඉස්තිහාර් ඉමාදුදින්ගේ මඟ පෙන්වීම යටතේ අකුරණ ප්‍රාදේශිය සභාවේ කාන්තා සාමාජිකාවන් වන නිස්රිනා, නි:මතුන්නිසා, රුස්නා සහ ෂබානි යන අයගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය සංවිධානය කිරීම සඳහා සාකච්ඡාව අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරන ලද ගෞරවනීය සභාපතිනිය සහ අකුරණ ප්‍රාදේශිය සභාවේ කාන්තා සාමාජිකයින්, අකුරන ප්‍රාදේශීය ලේකම් අබේසිංහ, අකුරණ වෛද්‍ය නිලධාරී සංජීවා, විශේෂඥ වෛද්‍ය ලරීෆ්, වෛද්‍ය නයනා, වෛද්‍ය ෆස්ලියා තාහා, වෛද්‍ය රහ්මත් උම්මා සහ රජයේ පුහුණුව ලත් උපාධිධාරීන් සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *