රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෑගල්ලේ කොරෝනා අවදානම් තත්ත්වයක් අගවද්දී, පැණිය නියම මාත්‍රාවට ගහපු එකම පවුලේ තුන්දෙනකුටම කොරෝනා

කෑගල්ලේ ධම්මික පැණිය ජනතාවට බෙදා හැරීම වහා වළකනු! - GMOA

කෑගල්ලේ ධම්මික පැණිය ජනතාවට බෙදා හැරීම වහා වළකනු! - GMOA

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මතුව ඇති කොරෝනා අවදානම සම්බන්ධයෙන් රජය වැඩි අවදානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, කෑගල්ල දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයකට කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවය.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයන් බහුතයකට අධික උණ තත්ත්වයක් පවතින බවත් මෙම තත්ත්වය දිවයිනේ අනෙක් ප්‍රදේශ තුළින් වාර්තා නොවූ බැවින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

රට තුළ කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයක් නිර්මාණය වෙමින් පවතින්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමට කෑගල්ල ප්‍රදේශයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගේ වෛරස් සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, නිරෝධායන නීති කඩකරමින් හෙළ ඔසුවක් ලබා ගැනීමට කෑගල්ල ප්‍රදේශයට පැමිණි පුද්ගලයින්ගෙන් මෙම වෛරසය ව්‍යාප්ත වූයේ ද? යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය.

කොරෝනාවෛරසය සමාජ ව්‍යාප්තියක් නොමැති බවට වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසන හිත සනසන වචන මගින් රට තුළ පවතින තත්ත්වය පාලනය කිරීමට නොහැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

ධම්මික පැණිය පානය කළ එකම පවුලේ තිදෙනකුට කොවිඩ්

මේ අතර මාකුර මගුරුදෙණිය ප්‍රදේශයේ ධම්මික පැණිය පානය කළ එකම පවුලේ තිදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක ප්‍රකාශ කර ඇත.

පෙරේදා කෑගල්ල මහ රෝහලේදී මෙම පවුලේ පුද්ගලයන් හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂ‍ණයේදී කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. නොමිලේ නිවසට පැමිණ ලබාදුන් ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ බව එම නිවැසියන් සෞඛ්‍ය බලධාරීන් හමුවේ අනාවරණය කර ඇත.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල සීමාවේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති බවත් දැනගන්නට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *