(Video) දිවියෙක් වස දී මැරූ 4 දෙනෙකු මාතලේ ප්‍රදේශයේ අත්අඩංගුවට

0
දිවියෙක් වස දී මැරූ 4 දෙනෙකු මාතලේ ප්‍රදේශයේ අත්අඩංගුවට

දිවියෙක් වස දී මැරූ 4 දෙනෙකු මාතලේ ප්‍රදේශයේ අත්අඩංගුවට

මාතලේ රජ්ජමන ජල විදුලි බලාගාරය අසල සොයා ගත් මැරී සිටි දිවියා, මරා දමා ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත. ශ්‍රී ලංකාවට අවේණික වූ අදාළ දිවියාට වස දී මරා ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බව මාතලේ වනජීවී අධ්‍යක්ෂක පී.එම්.පී. විජේකෝන් මහතා සඳහන් කරයි.

මෙම දිවියා සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී දිවියාගේ දත් 5ක් අත්අඩංගුවට ගෙන ඇත.

මාතලේ ප්‍රාදේශීය සභාවට අයත් රජ්ජමන ජල විදුලි බලාගාරය අසල ජීවත් වූ මෙම දිවියා, අඩි 3ක් උස අඩි 5 1/2 ක් දිග වේ.

සිද්ධිය වූ ස්ථානයේ දී වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.

මේ සම්බන්ධයෙන් cctv වීඩියෝ පටවලින් විමර්ශනය සිදු කළ බව මාතලේ වනජීවී අධ්‍යක්ෂක පී.එම්.පී. විජේකෝන් මහතා වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com