හිටපු නියෝජ්‍ය අමාත්‍ය මහරුෆ් මහතා ඇප මත නිදහස් කෙරේ…

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මහරුෆ් මහතා ඇප මත නිදහස් කෙරේ...

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මහරුෆ් මහතා ඇප මත නිදහස් කෙරේ...

2015 සිට 2019 දක්වා කාලය තුළ ලංකා සතොසට අයත් වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතා කොළඹ අපරාධ වැළැක්වීමේ ඒකකය විසින් ත්‍රිකුණාමල කින්නියා ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන රඳවා තබන ලදී.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් සහ හිටපු සතොස සාමාන්‍ය අධිකාරී මොහොමඩ් අස්ලම් යන අය, 06 වන දින ඇප මත මුදා හැර තිබේ.

රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත නිදහස් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද අත්හිටුවා තිබේ.

මෙම නඩුව මාර්තු 24 වනදා නැවත කැඳවීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *