ශ්‍රී ලංකා කාන්තා රග්බි ක්ෂේත්‍රයට සහ 24න් පහළ පිරිමි රග්බි කණ්ඩායමට අනුග්‍රාහකයෙක්

ශ්‍රී ලංකා කාන්තා රග්බි ක්ෂේත්‍රයට සහ 24න් පහළ පිරිමි රග්බි කණ්ඩායමට අනුග්‍රාහකයෙක්

ශ්‍රී ලංකා කාන්තා රග්බි ක්ෂේත්‍රයට සහ 24න් පහළ පිරිමි රග්බි කණ්ඩායමට අනුග්‍රාහකයෙක්

මෙරට නව තාක්ෂණයේ පුරෝගාමී ආයතනයක් වන ඊඑෆ්එල් ආයතනය ශ්‍රී ලංකා කාන්තා රග්බි ක්ෂේත්‍රයට සහ අවුරුදු 24න් පහළ පිරිමි රග්බි කණ්ඩායමට අනුග්‍රාහකත්වය දීමට ඉදිරිපත් වී සිටී. කොවිඩ් වසංගතයෙන් දැඩි පසුබෑමකට ලක් වී ඇති මෙරට රග්බි ක්ෂේත්‍රය නැවත නඟා සිටුවීම සඳහා එම ආයතනය අනුග්‍රාහකත්වය දීමට ඉදිරිපත් වීම ක්‍රීඩාවේ අභිවෘද්ධියට අත්වැලක් වනු ඇතැයි ශ්‍රී ලංකා රග්බි ආයතනය විශ්වාස කරයි.

නව අනුග්‍රාහකත්වය කාන්තා රග්බි ක්‍රීඩාවට මෙන්ම යොවුන් ක්‍රීඩකයන්ගේ කුසලතා වර්ධනය කිරීමට නව මාවතක් විවර කර දෙනු ඇතැයි මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා කියා සිටියේය.

“ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව මෙරට සෑම ක්‍රීඩාවකම ප්‍රමිතිය ඉහළ නැංවීමේ කාර්යභාරය සඳහා මෙවැනි අනුග්‍රාහකත්වයක් අතිශය වැදගත් වනු ඇත.” ඔහු කීවේය.

ඊඑෆ්එල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සයිෆ් යූසුෆ් මහතා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ උප සභාපතිවරයකු සහ කාන්තා රග්බි සංවර්ධන සහ ඉහළ තාක්ෂණ කමිටුවේ ප්‍රධානි රියර් අද්මිරාල් එච්.ඒ.යූ.ඩී. හෙට්ටිආරච්චි මහතාට අනුග්‍රාහකත්වයට අදාළ නිල ක්‍රීඩා ඇඳුම් කට්ටලය සහ රග්බි ආයතනයේ ලේකම් ජූඩ් පිල්ලේ මහතා වෙත අනුග්‍රාහකත්ව චෙක්පත පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *