ලංකාවේ ආර්ථිකය ගැන සුභ ආරන්චි 2ක්.

ලංකාවේ ආර්ථිකය ගැන සුභ ආරන්චි 2ක්

ලංකාවේ ආර්ථිකය ගැන සුභ ආරන්චි 2ක්

ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන්

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.3%කින් වර්ධනය වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කොට තිබේ. මෙම සතියේ ලෝක බැංකුව විසින් ගෝලීය ආර්ථික පුරෝකථන වාර්තාව නිකුත් කරමින් මෙම අනාවරණය සිදු කොට ඇත.

කෙසේවෙතත් 2022 වසරේදී මෙම වර්ධනය 2%ක අගයක් ගනු ඇති බවද එහි සදහන්ව තිබේ.
මීට අමතරව කොරෝනා එන්නත ලබා දීමෙන් පසු ලෝක ආර්ථිකයද 4%කින් වර්ධනය වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කොට ඇත.

වසර 5කට පසු කොටස් මිල දර්ශකය 7,000 සීමාව පසු කරයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් එක් කරමින් වසර 5කට පමණ පසු මුල්වරට සියලු කොටස් මිල දර්ශකය 7,000 සීමාව පසු කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI)(06) දින ගනුදෙනු අතරවාරයේදී ඒකක 7,000 කඩඉම පසු කළ බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

පසුගිය 2015 වසරේ නොවැම්බර් 24 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000 සීමාව පසු කරන ලද පළමු අවස්ථාව මෙය වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2010 ඔක්තෝබර් 01 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 සීමාව පසු කර තිබේ.

(06) දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,036.76ක් ලෙස සටහන් වුණු අතර එය සියයට 0.83ක වර්ධනයක් වේ. මේ අතර දිනය නිමා වන විට වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 7,156.52ක් ලෙස සටහන් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *