ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ මහත්ම මහත්මීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද උපදෙස් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි-නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි 1,370ක තැන්පතු ලබාගැනීම, අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය යන කරුණු සම්බන්ධයෙන් එම පරීක්ෂණ සිදුකරන ලෙස දැන්වූ බවය.

නිතියට පටහැනිව බලපත්‍රයක් නොමැතිව මහජනතාවගෙන් රුපියල් බිලියන 7.2ක් ලබා ගෙන ඇති බවට වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නිර්දේශ ප්‍රකාරව නිතිපතිවරයා මේ උපදෙස් ලබා දී ඇත. මේ අතර නාලක එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවද තතු දත් ආරංචි මාර් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *