මහනුවර භූකම්පන පිළිබඳව කමිටු වාර්තාව පරිසර ඇමතිට, වික්ටෝරියා අවට හුණුගල් කැණීම් තහනම් කිරීමට නිර්දේශ

මහනුවර භූකම්පන පිළිබඳව කමිටු වාර්තාව පරිසර ඇමති වෙත, වික්ටෝරියා ජලාශ අවට හුණුගල් කැණීම් තහනම් කිරීමට නිර්දේශ

මහනුවර භූකම්පන පිළිබඳව කමිටු වාර්තාව පරිසර ඇමති වෙත, වික්ටෝරියා ජලාශ අවට හුණුගල් කැණීම් තහනම් කිරීමට නිර්දේශ

විශේෂඥ කමිටු වාර්තාවට අනුව මහනුවර ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදු වූ භූකම්පන සියල්ල ස්වාභාවික තත්ත්වයක් බවත් හුණුගල් කැඩීම නිසා හෝ ගල් කොරි හෝ වෙනත් ක්‍රියාවක් හේතුවෙන් සිදුවූ භූකම්පන නොවන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු පැවසුවේ, මේ හේතුවෙන් ඉදිරියේදී බරපතළ තත්ත්වයක් ඇති වන බවට වාර්තා නොවන බවය.

මහනුවර ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදු වූ භූකම්පන සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂඥ සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුව විසින් වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දීම (5) බත්තරමුල්ලේ පිහිටි ‘සොබාදම් පියස’ පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණු අතර එම අවස්ථාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම භූකම්පන හේතුවෙන් වික්ටෝරියා වේල්ලට හානියක් සිදු වෙන බවට නිගමනයක් සිදු කර නොමැති බවත් “මේ සිදු වුණු භූකම්පනය වගේ දස ගුණයක භූකම්පයක් ඇති වුවත් වික්ටෝරියා වේල්ලට එය දරා ගැනීමේ හැකියාවක් පවතින බවත්” මෙම කමිටු වාර්තාවේ සදහන් කර ඇතැයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“දිගින් දිගට ම හුණු ගල් කැඩීම තුළ යම් ආකාරයක කුඩා හෝ අවදානමක් ගත යුතු නැති නිසා හුණු ගල් කර්මාන්තය සම්පූර්ණයෙන් ම නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේ ම වික්ටෝරියා ජලාශයට මීටර් 100ක් දුරින් පිහිටි හුණු ගල් කොරි කිහිපය වසා දැමීමට කටයුතු කරනවා. ඒ වගේ ම හුණු ගල් කර්මාන්තය සම්පූර්ණයෙන් ම නියාමනය කිරීම සඳහා පුළුල් අධ්‍යයනයක් සිදු කරනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *