(Photos) කළු ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේන් සතුටුවූ හිටපු ජනාධිපති

කළු ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේන් සතුටුවූ හිටපු ජනාධිපති

කළු ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේන් සතුටුවූ හිටපු ජනාධිපති

සිය ධූර කාලය තුළ වැඩ නිමා කළ කළු ගග ජලාශය මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් පිටාර මට්ටමට ළගා වී තිබීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (02) දින එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සිරිසේන මහතා මෙසේ ප්‍රකාශ කොට ඇත.
‘පළමු වතාවට අද වන විට කළු ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ මට්ටමට (අඩි 211) ජලයෙන් පිරි ඇත.
නිල්වන් එම ජල කද සියසින් දැකගැනීමට මා ඊයේ දිනයේ දී කළු ගඟ ජලාශය නිරීක්ෂණයට පැමිණීයෙමි. මෙය සියසින් දැකීම හදවතට සතුටකි.

මහවැලි යෝජනා ක්‍රමයේ කූටප්ප්‍රාප්තිය සනිටුහන් කරමින් මා එදා මහවැලි අමාත්‍යවරයා ලෙසත් රටේ ජනාධිපතිවරයා ලෙසත් මාගේ ධූර කාලය තුළදී මොරගහකන්ද, කළු ගඟ ජලාශ දෙක ඉදිකර අවසන් කිරීමට හැකිවීම ලක්ෂ ගණනක් රජරට ගොවි ජනතාවගේ කඳුළු කතාව අවසන් කිරීමට ඉවහල් විය. පළමු වතාවට ඊයේ (2021/01/02) රාත්‍රියේදී වාන් දොරටුවක් විවෘත කොට කළු ගඟේ ජලය ගොවිබිම් කෙත්වතු සරුසාර කරන්නට මුදා හරින ලදී.

මුලින්ම කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ක්‍රීයාත්මක කළ දිවංගත ගාමිණී දිසානායක මහතාද මා මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමී.
තව වසර දහස් ගණනක් මෙම ජලයෙන් මේ උතුම් මහපොළොව සශ්‍රීක වේවායි මගේ ප්‍රර්ථනයයි.’

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *