කොවිඩ් දේහ ආදාහනය ද? නැතහොත් භුමදානය ද? පිළිබඳ ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් බවට පත් කර අවුල් කළේ රජය – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

කොවිඩ් දේහ ආදාහනය ද? නැතහොත් භුමදානය ද? පිළිබඳ ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් බවට පත් කර අවුල් කළේ රජය – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

කොවිඩ් දේහ ආදාහනය ද? නැතහොත් භුමදානය ද? පිළිබඳ ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් බවට පත් කර අවුල් කළේ රජය – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

කොවිඩ් දේහ ආදාහනය කරනවාද? නැතහොත් භුමදානය කරනවාද? යන්න පිළිබඳ ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් බවට පත් කර අවුල් කළේ රජය විසින් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

එමෙන්ම, සෞඛ්‍ය නිර්දේශයන්වලට අනුව භූමිදානය හානියක් නොමැති නම් අනෙක් ආගමිකයන්ගේත් ආගමික අයිතීන් ගැන සලකා බලමින් භූමදානය සඳහා අවසර ලබා දීමට කැමැත්ත පළ කරන බව ද උන්වහන්සේ සඳහන් කරයි. නමුත්, අදාළ තීරණය ගත යුත්තේ ජාතිවාදීන්ට හෝ අන්තවාදීන්ට යටත් නොවී බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

තවද, මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පැවසුවේ, කොවිඩ් – 19 ආසාදිත සිරුරු භූමදානය හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙත තර්ජනයක් ඇති වන බව විද්‍යාත්මකව වෛද්‍යවරුන් තහවුරු කරනවා නම් ඒ සඳහා අවසර දීම සංඝරත්නය විසින් අනුමත නොකරන බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ, ‘මනුෂ්‍ය වර්ගයාගේ ම පැවැත්මට තර්ජනයක් වන කොවිඩ් වසංගතය මිය ගිය අයගේ ශරීර භූගත කිරීමෙනුත් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වෙනවා නම්, ඒක විද්‍යාත්මකව සහ වෛද්‍ය අංශයේ තොරතුරු අනුව එසේ කියනවා නම් අපිට ඒ ශරීර භූගත කිරීම සඳහා යොමු වීම හොඳයි කියලා කියන්න බෑ. අනුමත කරන්න බෑ.

නමුත්, විද්‍යාත්මකව බලලා, ඒ වගේම වෛද්‍ය අංශ වලින් අවශ්‍ය කරුණු පරීක්ෂණ කරලා ඉතා පැහැදිලි තීරණයක් දෙනවා නම් ඒ ශරීර භූගත කිරීමෙන් ඉදිරියේ දී කිසිම තර්ජනයක් කොවිඩ් වසංගතයයෙන් ඇති වන විදියේ තර්ජනයක් ඇති වෙන්නේ නැහැ යි කියලා, ඊට අදාළ තීරණයක් අරගෙන මේ ශරීර භූගත කිරීම ගැන මම බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට විරුද්ධ වෙන්නේ නැහැ.

ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ, මේ කාරණය මුල් කරගෙන අපි රටේ තැනින් තැන උද්ඝෝෂණය පැවැත්වීම කණගාටුදායක සිද්ධියක්.’ යනුවෙන් පැවසුවා.

– RVR

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *