යුක්රේන් ‘සංචාරක බුබුල’සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරද්දී, සංචාරක ඇමති ‘අපට කොරෝනා අදාලම නෑ’ කියයි

යුක්රේණ සංචාරකයන් මෙරටට පැමිණීම පිළිබඳ මතු කළ විරෝධය එක්කෝ දේශපාලන විරෝධයක්, නැතිනම් නොදැනුවත්කම නිසා මතු කල එකක් - ඇමති ප්‍රසන්න

යුක්රේණ සංචාරකයන් මෙරටට පැමිණීම පිළිබඳ මතු කළ විරෝධය එක්කෝ දේශපාලන විරෝධයක්, නැතිනම් නොදැනුවත්කම නිසා මතු කල එකක් - ඇමති ප්‍රසන්න

යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එම සංචාරකයන් රටට ගෙන්වන ලද්දේම කොරෝනා ආසාදනය වීමක් පිලිබදව අවබෝදයෙන් බවත් මෙම සංචාරක කණ්ඩායම කිසිදු අයුරකින් මෙරට ජනතාව සමග සම්බන්ධ වීමක් නැති බවත් ඒ නිසා ඔවුන්ගෙන් කොරෝනා පොකුරක් ඇති වේ යැයි බිය විය යුතු නැති බවද ඒ මහතා කියා සිටියේය.

එම සංචාරකයන් මෙරට සිටින කාලය අතරතුර නවතින හෝටල් වල සියලුම සේවකයන්ද දින දාහතරක් නිරෝධායන කාලයකට ලක්කරන බවත් සංචාරකයන් රැඳී සිටින කාලයේදීත් නිරෝධායනයේ දීත් එම සේවකයන්ට පිට වීමට අවස්ථාවක් නැති බවත් ඇමතිවරයා පැවසීය.

ඒ හේතුවෙන් සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නොනවත්වන බවත් එය සැළසුම් කළ පරිදි දිගටම ක්‍රියාත්මක කරන බවත් තව දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් කොරෝනා දෙවන රැල්ලක් රට තුල ආරම්භ වුයේ යුක්‍රේනයේ සිට පැමිණි ගුවන් යානක කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුට කොරෝනා වැලදී ඔවුන් නවාතැන්ගත් සීදුව ප්‍රෙද්ශයේ සංචාරක හෝටලක සේවකයින්ට වෛරසය ආසාදනය වීමෙන් බව මේ වනවිට අනාවරණය වී හමාරය. එවැනි තත්ත්වයක් යටතේ මෙම යුක්‍රේන සංචාරකයින් මෙරටට රැගෙනඒම රට දැඩි අණතුරක හෙලීමක් බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

මෙම සංචාරකයින් රැගෙනඒම පිටුපස යුක්‍රෙින හිටපු තානාපති උදයංග වීරතුංගගේ ව්‍යාපාරික උවමනාවක් පවතින බව මේ වනවිට තොරතුරු හෙලිවී තිබේ.

මෙ අතර ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇති බවත් පවසන ඔහු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවද කියා සිටී.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ එන්නේ යුක්රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත් සමග එම සංඛ්‍යාව තවත් ඉහළ යාමක් සිදු වුවහොත් අන්තරාදායක තත්වයක් උද්ගත වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.

මෙම සංචාරකයන් නවාතැන් ගෙන සිටින හෝටල් වලින් එළියට යාමට සිදුවීමේදී බාහිර සමාජය සමඟ ගැටෙන අවස්ථා ඇතිවීම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු බවත් දළදා මාළිගාව සීගිරිය වැනි ස්ථානවලට දේශීය සංචාරකයන් ද පැමිණෙන නිසා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය නගාසිටුවීමට පියවර ගන්නා සේම මිලියන 22 ක් වන රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කල යුතු බව ද ඔහු කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *