අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

පැලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ සිදු කල අහඹු PCR පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙක් හමූ වී ඇතැයි පෑලියගොඩ නගර සීමාව බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එච්,ජී. චින්තක පවසයි.

එමෙන්ම බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයා ඇතුලු සේවකයන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි. අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ තවත් 21 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කලුතර මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ජි.සිංහබාහු පවසයි.

මේ අතර වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයන් 60කට සිදුකල අහඹු PCR පරික්ෂණයකින් ආසාදිතයන් 17 දෙනෙක් හමුවූ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිළිධාරි කාර්යාලය නිවේදනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *