“මට මගේම වාහනය ඇති!” – සුඛෝපභෝගී වාහනය ප්‍රතික්ෂේප කළ නගරාධිපති මනිවන්නන්

යාපනය නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ නීතීඥ විශ්වලිංගම් මනිවන්නන්
යාපනය නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ නීතීඥ විශ්වලිංගම් මනිවන්නන් හට නාගරික කොමසාරිස්වරයා විසින් භාරදුන් සුඛෝපභෝගී වාහනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, මනිවන්නන් කියා සිටියේ තමාගේම වාහනය භාවිතා කරන බවයි.
තම වැටුප ද ලබා නොගන්නා බවත්, එම වැටුප මහජන සුභසාධන යෝජනා ක්‍රම සඳහා යොදා ගන්නා බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණු යාපනය නගරාධිපති මනිවාන්නන්,
නගරාධිපති සඳහා වන සුඛෝපභෝගී මෝටර් රථය භාවිතා නොකරන බව දැන් නිවේදනය කර ඇත.
මනිවන්නන්ට පෙර, යාපනයෙ හි හිටපු නගරාධිපති එම්මානුවෙල් ආර්නෝල්ඩ් තමාට සුඛෝපභෝගී මෝටර් රථයක් අවශ්‍ය යැයි කියමින් උතුරු පළාතේ හිටපු මහඇමතිවරයා භාවිතා කළ සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා ගෙන භාවිතා කර ඇති බැවින් මනිවන්නන්ගේ මෙම ප්‍රකාශය ඔහු කෙරෙහි ආධාරකරුවන්ගේ විශ්වාසය වැඩි කර තිබේ.