(VIDEO) කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් විනාසයක්

කුරුණෑගල හිටපු නගරාධිපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කුරුණෑගල හිටපු නගරාධිපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කුරූණෑගල නගර මධ්‍යයේ ඇති ඉපැරණි රජ පීල්ල උද්‍යානයේ වසර සිය ගණනක් පැරණි රජ පීල්ල උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා තිබේ.

කුරුණෑගල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නිවා ගන්නට යන ස්ථාන අතර කුරුණෑගල නගර මැද තියෙන රජ පීල්ල උද්‍යානය ප්‍රධාන තැනක් ගනී.

මෙම ඉපැරණි රජ පීල්ල උද්‍යානය අදියර 2ක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වන , උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීම පෞද්ගලික ආයතනයකට භාර දී තිබේ. රජ පීල්ල උද්‍යානයේ ඇති ගස් 28 ක් ඉවත් කිරීමට පමණක් සලකුණු කර තිබුණ ද මේ වන විට ගස් 32 කට ආසන්න ප්‍රමාණයක් කපා උගුල්ලා අවසන් ය.

මේ අතර උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි පෞරාණික මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන බවය.

නගර සභාව විසින් නිසියාකාරව සම්මත කර ගත් සංවර්ධන සැලැස්මක් හෝ නොමැතිව මෙම උද්‍යානය ඩෝසර් කර ඇති බව පවසන ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙම ක්‍රියාවට විරෝධය පළකරමින් සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *