කොවිඩ් මෘතදේහ භූමදානය පිළිබඳ පත් කළ කමිටු දෙක පරස්පර දැඩි මතයන් දෙකක

කොවිඩ් මෘතදේහ භූමදානය පිළිබඳ පත් කළ කමිටු දෙක පරස්පර දැඩි මතයන් දෙකක

කොවිඩ් මෘතදේහ භූමදානය පිළිබඳ පත් කළ කමිටු දෙක පරස්පර දැඩි මතයන් දෙකක

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දිය හැකිද යන්න සොයාබැලීම සඳහා පත් කළ කමිටු දෙක ඒ පිළිබඳ එකිනෙකට පරස්පර දැඩි මතයන් දෙකක් දැරීම හේතුවෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

මෙයින් පළමු කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත්කළ අතර එම කමිටුව නිර්දේශ කර තිබුණේ කොවිඩ් මෘතදේහ ආදාහනය පමණක් කළයුතුය යනුවෙනි.

දෙවැනි කමිටුව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පත්කළ අතර කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා අවසර ලබාදිය හැකි බවට ඔවුන් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම දෙවැනි කමිටු වාර්තාව බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති සෞඛ්‍ය අමාත්‍යවරිය කමිටු දෙකම කැඳවා ඔවුන්ට අවසන් එකඟතාවකට එළඹෙන ලෙස දැනුම් දී ඇති නමුත් පසුගිය දෙසැම්බර් 31 වනදා පැවති එම රැස්වීමේදී පළමු කමිටුව සිය තීරණය වෙනස් කළ නොහැකි බවට දැඩි මතයක් දැරීම නිසා කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සහ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් ඊට සෘජු පිළිතුරු ලබා නොදී මගහරින ආකාරයක් ද දක්නට ලැබිණි.

එහිදී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය “මේක ඇත්තටම මට පේනවිදියට විද්‍යාත්මක පැත්තක් විතරක් නෙමෙයි තියෙන්නේ. ඒකෙ තව ගොඩක් පැති මෙතෙන වෙලා තියෙනවා. ඒක නිසා මේක ගැන මම මේ වෙලාවේ කතා කරන්නේ නෑ” යනුවෙන් ද ප්‍රකාශ කළ අතර “තව ගොඩක් පැති” යනුවෙන් අදහස් කළේ මොනවාද යන්නම ප්‍රශ්නාර්ථයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *