සිනමා ශාලා පවා විවෘත කිරීමට අවසර දෙමින් පවතින තත්වයක් තුළ උපකාරක පන්ති පමණක් වසා තැබීම සිදු නොකරන්න – වෘත්තීය දේශකවරුන්

සිනමා ශාලා පවා විවෘත කිරීමට අවසර දෙමින් පවතින තත්වයක් තුළ උපකාරක පන්ති පමණක් වසා තැබීම සිදු නොකරන්න - වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සංසදය
දරුවන්ගේ අධ්‍යාපනය විනාශ නොකර ඔවුන්ට අධ්‍යාපනය ලැබියහැකි ආකාරයේ නිසි ක්‍රමවේදයක් අනුගමණය කළ යුතු යැයි වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සංසදය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
ඔන්ලයින් ක්‍රමවේද භාවිතා කරිම්න් සිදුකරගෙන යන ඉගැන්වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවත් බොහෝ පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ මාස තුනක් හතරක් වැනි කෙටි කාලයක් පමණක් බවත් ඔවූහු අවධාරණය කරති.
විශේෂයෙන් සිනමා ශාලා පවා විවෘත කිරීමට අවසර දෙමින් පවතින තත්වයක් තුළ උපකාරක පන්ති පමණක් මෙලෙස වසා තැබීම සිදු නොකරන ලෙසත් ඔවුහූ ඉල්ලා සිටිති.
මෙම මාධ්‍ය හමුව සඳහා වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සංසදයේ සභාපති සම්පත් අලදෙණිය, වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සංසදයේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපති සුජීව දිසානායක, වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සංසදයේ ජාතික සංවිධායක ජගත් නන්දසිරි යන අය එක්වී සිටියහ.