ජනවාරි 1 රාජ්‍ය සේවකයන්ගෙන් ප්‍රතිඥාවක් ගන්න යයි: චක්‍රලේඛයක් නිකුත් වෙයි

රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ - චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ - චක්‍රලේඛයක්

එළඹෙන ජනවාරි පළමුවැනි දින රාජ්‍ය සේවකයන් සිය රාජකාරී ආරම්භ කිරීමේදී සාමාන්‍යයෙන් සිදුකරන ප්‍රතිඥාවට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය වූ ‘සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය’ ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥාවක් ලබා දිය යුතුව ඇත.

ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක රාජ්‍ය සේවා, රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

රජයේ සෑම ආයතනයකම එළඹෙන ජනවාරි පළමුවැනිදා කෙටි උත්සවයක් පවත්වා මෙම ප්‍රතිඥාව ලබා දීමට එම ආයතන ප්‍රධානියා කටයුතු කළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

එමෙන්ම අදාළ ප්‍රතිඥාවේදී විනයගරුක, නීතිගරුක හා සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට අමතරව, තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරන භෞතික සම්පත් සංවර්ධනය කිරීම තුළින් ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට සේවකයින් දිවුරුම් දෙන බවත්, සෑම පුරවැසියෙකුටම ප්‍රතිලාභ සහතික කරන කඩිනම් සංවර්ධනයක් තුළින් පරිසර කළමනාකරණය සහ ශ්‍රී ලාංකිකයින්ට සහ අනාගත පරපුරට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමට දායක වන බවත් සදහන් කළ යුතුය.

In addition to create a disciplined, law-abiding and healthy society under the vision of “Vistas of Prosperity and Splendour”, the oath reads that the employees also will swear “to create a people-centric economy through development of physical resources focused on sustainable environment management through an accelerated development which ensures benefits to every citizen and also to create a well secured future for the Sri Lankans and future generation.” (The Sunday Times)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *