මාවනැල්ලේ බුදු පිළිම දෙකකට දින 2කදී ප්‍රහාර, ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව

මාවනැල්ලේ බුදු පිළිම දෙකකට දින 2කදී ප්‍රහාර, ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව

මාවනැල්ලේ බුදු පිළිම දෙකකට දින 2කදී ප්‍රහාර, ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසල ඇති බුදු කුටියට දෙසැම්බර් 28 දින ගල් පහරක් වැදීමෙන් එහි වීදුරුවකට හානි වී ඇති බව පොලීසිය පවසනවා.

එසේම, මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශය තුළම පිහිටි අලූත්නුවර නගරයේ ද බුදු පිළිමයක ඉදිරිපස විදුරුවකට හානි සිදු වී තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසින් පවසන්නේ දින තුනකට පමණ පෙර මෙම සිද්ධිය සිදුවී ඇති බවයි.

මෙම සිදුවීම් හේතුවෙන් මාවනැල්ල නගරය සහ යාබද නගරවලට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ. අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව ද ස්ථානගත කර ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාවනැල්ල පොලීසිය පවසන්නේ කිසියම් කණ්ඩායමක් විසින් මෙම පහර දීම සිදු කරන්නට ඇති බවට සැකකරන බවයි. මේ වනවිටත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉදිරියේ ප්‍රහාරයට කිසියම් පිරිසක් සම්බන්ධ නම් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසනවා.

මේ වනවිටත් එම ප‍්‍රදේශය අවට පිහිටි වෙළෙඳසැල් සහ නිවෙස්වල සවිකර ඇති CCTV කැමරා පද්ධති කිහිපයක් ද නිරික්ෂණය කිරිමට පොලීසිය කටයුතු කර ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *