මාවනැල්ලදී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අතුරුදන් – බුද්ධි අංශ විමර්ශන කටයුතුවල

මාවනැල්ල
මාවනෙල්ල ප්‍රදේශයේ ගල් කොරියකින් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති බව වාර්තා වේ. පුපුරණ ද්‍රව්‍ය සොරකම් කර ඇති බවට මාවනැල්ල, මොලියගොඩ ගල්වල හිමිකරු දෙසැම්බර් 22 වන දින පොලීසියට පැමිණිලි කර තිබේ.
මේ සමගම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් 32 කින් සමන්විත CID කණ්ඩායම් 5ක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සොරකම් කරන ලද භාණ්ඩ අතර ඇමෝනියම් නයිට්රේට් කිලෝග්‍රෑම් 15 ක්, වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක්, ඩෙටනේටර් 20 ක් සහ මීටර් 35 ඩෙටනේටර් කොපු යනාදිය ඇතුළත් ය.
එම ස්ථානයේ සේවය කරන කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පුද්ගලයින් 300 දෙනෙකු පමණ මේ වන විට පොලීසිය විසින් ප්‍රශ්න කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදු කෙරේ