ජනවාරි මස අග ගුවන්තොටුපොළ නිල වශයෙන් විවෘත කරනවා – සංචාරක ඇමැති

කටුනායක ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නායකයින් 28 කගේ සේවය වහාම අත්හිටුවයි

කෝටි 9 ක රන් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

ලබන මස අග වනවිට ගුවන්තොටුපොළ නිල වශයෙන් විවෘත කරන ​බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

ගුවන්තොටුපොළ හා රට සංචාරකයන්ට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම (28) මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ඔවුන් අතර යුක්රේන ජාතික ළදරුවන් 20දෙනකු පමණ සිටීම ද විශේෂත්වයකි.

මෙම නියාමන ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂණය කර එහි අඩු-පාඩු හඳුනාගෙන ඒවාද නිවැරදි කර ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන ජනවාරි මස අග දී ගුවන්තොටුපල නිල වශයෙන් යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ඇමැතිවරයා ඒ අනුව වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බව ද පැවසීය.

සංචාරකයන්ට රට යළි විවෘත කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුතු අඩාල නොවන බව පෙන්වාදුන් ඒ මහතා සංචාරකයන් ආවත් ප්‍රමුඛතාව මව්බිමට ඒමට සිටින ශ්‍රී ලාංකිකයන්ට බව ද ප්‍රකාශ කළේය.

ඊට අමතරව සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම සමඟ සංචාරක කොවිඩ් පොකුරු ඇතිවේවි යැයි කිසිවකු බිය විය යුතු නැතැයි කී සංචාරක ඇමැතිවරයා මේ නියාමන ව්‍යාපෘතිය තුල සංචාරකයන් හා අපේ රටේ ජනතාව සම්බන්ධ වීම උපරිමයෙන් අවම කර තිබෙන බවද සංචාරකයන්ට ගැවසිය හැක්කේ අදාළ හෝටල්වල හා වෙරළ තීරයේ පමණක් බව ද කීවේය. මේ කාලය තුල ඔවුන් සිටින ප්‍රදේශයට මෙරට වැසියන්ට යාමට නොහැකි වන අතර සංචාරකයන් රටින් පිටව ගිය පසු අදාළ හෝටල් සේවකයන් දින 14ක් එම හෝටල්වලම නිරෝධායනය කරන බව ද ඒ නිසා ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීවේය.

ගුවන්තොටුපල රාජ්‍ය ඇමැති ඩී.වී.චානක, ගුවන්තොටුපල සහ ගුවන් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *