මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇත – තිස්ස අත්තනායක

මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇත - තිස්ස අත්තනායක

මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇත - තිස්ස අත්තනායක

මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ‘දිනමිණ‘ ට පැවැසීය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ඇද දැමීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇති බව පෙන්වාදුන් ඒ මහතා මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ණය ගෙවීමට අපහසු රටක් වශයෙන් නම්කර තිබෙන බවද ඒ තුළ ණය වෙනුවෙන් වැඩි පොළී ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.

අද වනවිට රට බරපතළ ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටිනා බවද ආණ්ඩුව එය සමනය කර ගැනීමට උත්සාහයක් නොගන්නා බවද ඒ මහතා චෝදනා කළේය.

ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ශ්‍රී ලංකාව දැනට ශ්‍රේණිගත කර ඇත්තේ ණය ගෙවා ගත නොහැකි මූලික බංකොළොත් තත්ත්වයක රටක් ලෙස බවද මන්ත්‍රීවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *