“තොපි දකුණෙ කොහෙ මැරුණත් මිහිදන් වෙන්න ඕනෙ නම්, උඹලගෙ මිනිස්සු ඉන්න පැත්තෙ තමා ඒක පුලුවන්” – වාසු කියන කතාවේ නොකියූ කතාව

"තොපි දකුණෙ කොහෙ මැරුණත් මිහිදන් වෙන්න ඕනෙ නම්, උඹලගෙ මිනිස්සු ඉන්න පැත්තෙ තමා ඒක පුලුවන්" - වාසු කියන කතාවේ නොකියූ කතාව

"තොපි දකුණෙ කොහෙ මැරුණත් මිහිදන් වෙන්න ඕනෙ නම්, උඹලගෙ මිනිස්සු ඉන්න පැත්තෙ තමා ඒක පුලුවන්" - වාසු කියන කතාවේ නොකියූ කතාව

මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි මෙරට භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන දෙකක් ගැන වාර්තාවක් සකස් කර තමා විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත බාර දුන් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

කොරෝනා ආසාදිතවී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු එබව සඳහන් කළේය.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ගේ සහභාගිත්වයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තමන් වෙත භාරදුන් වගකීමක් අනුව තමන් විසින් එම කටයුත්ත සිදු කළ බවද ඔහු එහිදී පැවසීය.

තමන් විසින් අදාළ කාර්යය භූ විද්‍යාඥයන්ට බාර දුන් පසු ඔවුන් විසින් මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි අඩි තිහක් යන තුරු කිසිම කාලයක භූගත ජලය නැතැයි පරීක්‍ෂණ වාර්තාවක් දුන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

මෙම වාර්තාව අගමැතිවරයාට හා සෞඛ්‍ය ඇමැතිවරියට ලබාදුන් බවද පැවසූ ඇමැතිවරයා එය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කමිටුවේදී සලකා බැලිය හැකි බවද කියා සිටියේය.

83දී දකුණේ හිටපු දෙමළ අයවනැව්වල දාලා උතුරට යවපු හැටි මතක ද ?

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කල එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ එම ප්‍රකාශය ගැන ප්‍රශ්නකර තිබේ.

ජාතික ඒකාබද්ධතා හිටපු අමාත්‍යවරයා දැන් මුස්ලිම් අයටත් කියන්නෙ “තොපි දකුණෙ කොහෙ මැරුණත් මිහිදන් වෙන්න ඕනෙ නම්, උඹලගෙ මිනිස්සු ඉන්න පැත්තෙ තමා ඒක පුලුවන්” කියා නේදැයි උවිඳු කුරුකුලසූරිය විමසයි.

ජාතික ඒකාබද්ධතා හිටපු අමාත්‍යවරයා දැන් මුස්ලිම් අයට කියන්නෙ “තොපි දකුණෙ කොහෙ මැරුණත් මිහිදන් වෙන්න ඕනෙ නම්, උඹලගෙ මිනිස්සු ඉන්න පැත්තෙ තමා ඒක පුලුවන්” කියා නේදැයි උවිඳු කුරුකුලසූරිය ප්‍රශ්න කරයි.

උවිඳුගේ සටහනේ මෙසේ සඳහන් වේ.

”කොවිඩ් මරණ වලදාන්න මන්නාරමෙයි, නැගෙනහිර පලාතෙ තැනකයි විතරද ලංකාවෙම භූගත ජලය අඩුවෙන්ම තියෙන්නෙ? මේක වාසුට කිව්වෙ වාසුගෙ අමාත්‍යාංශයේ විද්‍යාඥයෙක් කියල එයා කිව්වෙ.

වාසු වාර්තාව අගමැතිට දුන්න කිව්ව. ඒක ඇත්ත උනත් ඇත්තම නොවුනත්, මේකෙ අයිරනි එක තමා වාසු දැන් ජල ඇමති උනාට ඉස්සර ජාතික ඒකාබද්ධතා ඇමති, අනික 83 දෙමළ කෝලාහලවදි දකුණේ හිටපු දෙමළ අයව ආණ්ඩුවේ වියදමින්, ආරක්‍ෂාවට කියල නැව්වල දාල ඇරියෙ උතුරට.

ඒකෙන් ඒ අයට පෙන්නුවෙ උඹලට ආරක්‍ෂාව තියෙන්නෙ එහෙ කියන එක. ඒක මෙ නිජබිම කියන සංකල්පය ශක්තිමත් කරන්නත් ඒ කාලෙ යොදාගත්ත අවශ්‍ය අය.

දැන් මුස්ලිම් අයටත් කියන්නෙ “තොපි දකුණෙ කොහෙ මැරුණත් මිහිදන් වෙන්න ඕනෙ නම්, උඹලගෙ මිනිස්සු ඉන්න පැත්තෙ තමා ඒක පුලුවන්” කියල. හොඳ දෙයක් නෙමෙයි මේ සංඥාව.”

(උපුටා ගැනීම අවසන්)

‘මළ සිරුරු ආදාහනය කරනවා.’ – රජය අවධාරණය කරයි

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර ඇත්තේ, අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොවිඩ් -19 ආසාදිතව මියයන සියලු පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනය පමණක් සිදුකරන බව යි.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව පෙන්වාදෙන එම නිවේදනය, කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියි.

– theleader.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *