කොවිඩ් එන්නත් මිලියන 25ක් පමණ මිලට ගැනීමට ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේන් ණය

ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්
කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව ණය මුදලක් ලබා දී තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 84ක් වන එහි පළමු වාරිකය සැපයීමට මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ලේඛන හුවමාරු කරගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තහවුරු කළේ ය.
අවශ්‍යතාවය පරිදි මෙම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කරගත හැකිවනු ඇත.