ළමයින්ට එරෙහි කෲරත්වය 40% කින් ඉහලට, කොරෝනා හේතුවේ – යුනිසෙෆ්

ශ්‍රී ලංකාවේ තවමත් මිලියන 7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යයි - UNICEF

ශ්‍රී ලංකාවේ තවමත් මිලියන 7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යයි - UNICEF

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි කෲරත්වය සාමාන්‍ය අගයට වඩා සියයට 40 කින් ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා.

මෙම තත්වයත් සමඟ දරුවන් නොසළකා හැරීමට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවද එම වාර්තාවේ සඳහන්.

යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාව මගින් තවදුරටත් සඳහන් කරන්නේ 2020 වසරේ මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකාවේ පාසල් වසා තබන ලද කාලයේදී සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ බවයි.

කෙසේ වෙතත් මෙරට පමණක් නොව ලෝකය පුරා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළ පැහැදිළි කිරීම් සහ සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොමැතිවීමත්, ඇතැම් සිසුන්ට අන්තර්ජාල පහසුකම් නොමැති වීමත්, පාසල් පෝෂණ වැඩසටහන් නතර වීමත් යන කරුණු හේතුවෙන් දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ කොවිඩ් කාලසීමාවේ පාසල් දැරියන් කිහිපදෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධීන් වාර්තාවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හරහා විමර්ශනයක්ද සිදුකරන බව ලේකම්වරයා කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *