බ්‍රෙක්සිට්: මතභේද නිමාකරමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙති

බ්‍රෙක්සිට්: මතභේද නිමාකරමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙති

බ්‍රෙක්සිට්: මතභේද නිමාකරමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙති

මාස ගණනාවක් පැවති මතභේද අවසානයක් කරා ගෙන යමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය පශ්චාත් බ්‍රෙක්සිට් වෙළෙඳ ගිවිසුමකට ළඟාවීමට (දෙසැම්බර් 24) සමත් වූහ.

ධීවර කර්මාන්තයේ නියැලීමේ හිමිකම මෙන්ම අනාගත ව්‍යාපාරික රීතින් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මතභේද පැවතිණි.

බ්‍රෙක්සිට්: මතභේද නිමාකරමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙති

“අපේ නීතියේ හා අපගේ ඉරණමේ පාලනය යළි අප අතට ගත්තා” යැයි අගමැති නිල නිවසේ පැවති මාධ්‍ය හමුව අමතමින් අගමැති බොරිස් ජොන්සන් පැවසීය.

පැවති මතගැටුම් “දරුණු” වුවත් එය රැකියා අවස්ථාමෙන්ම සමෘද්ධිය කරා ගෙන යන “මුළු යුරෝපයටම හොඳ ගනුදෙනුවක්” යැයි ද බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියේය.

යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලෙයන්(Ursula von der Leyen) මෙය හඳුන්වා දුන්නේ “සාධාරණ හා තුලිත” ගනුදෙනුවක් ලෙසිනි.

යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලෙයන් මෙය හඳුන්වා දුන්නේ “සාධාරණ හා තුලිත” ගනුදෙනුවක් ලෙසිනි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලෙයන් මෙය හඳුන්වා දුන්නේ “සාධාරණ හා තුලිත” ගනුදෙනුවක් ලෙසිනි.

බෙල්ජියමේ බ්‍රසල්ස් හිදී මාධ්‍ය හමුවක් අමතමින්, “පිටුව පෙරළා අනාගතය දෙස බලන්නට දැන් කාලයයි” යැයි කියා සිටි ඇය, එක්සත් රාජධානිය “විශ්වාසදායී හවුල්කරුවකු ලෙස රැඳෙනු ඇතැයි” කියා සිටියාය.

ධීවර කර්මාන්තය සඳහා වසර පහමාරක සංක්‍රාන්ති සමයක් පවතින බවත් ඇය පෙන්වාදුන්නාය.

එසේම දේශගුණික විපර්යාස, බලශක්ති, ආරක්ෂාව හා ප්‍රවාහනය ඇතුළත් කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සහයෝගීතාව පවත්වාගනු ඇත.

නව ගිවිසුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය පැවසුවේ: “අපේ මුදල්, දේශසීමා, නීති, වෙළෙඳාම හා ධීවර කලාප පිළිබඳ පාලනය යළි අප අතට ගත්තා” යනුවෙනි.

අගමැතිවරයාගේ මහමැතිවරණ සටන් පාඨය ප්‍රතිරාව නගමින්, “අපි බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සම්පූර්ණ කළා” යැයි එය වැඩිදුරටත් පෙන්වා දුණි.

“වාර්ෂිකව පවුම් බිලියන 668ක් වටිනා විශාලතම ගනුදෙනුව අප සම්පූර්ණ කළා” යැයි අගමැති ජොන්සන් මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

“එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය අතර ඇති වුණේ කැනඩා පන්නයේ විස්තීර්ණ ගනුදෙනුවක්. රට පුරා රැකියා ආරක්ෂා වන අතර, බ්‍රිතාන්‍ය භාණ්ඩ බදුවලින් හෝ කෝටාවකින් තොරව යුරෝපා සංගම් වෙළෙඳපොළේ අලෙවි කළ හැකියි.”

“යුරෝපා මිතුරන් සමග වැඩියෙන් ව්‍යාපාර කිරීම සඳහා අපගේ සමාගම්වලට ඉඩ සලසෙන ගිවිසුමක්.”

මෙම ගනුදෙනුව සඳහා ඡන්දයක් පැවැත්වීමට දෙසැම්බර් 30 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනු ඇති බව සඳහන් කළ අගමැති බොරිස් ජොන්සන්, යුරෝපා පාර්ලිමේන්තුවෙන්ද ඊට අනුමැතිය හිමිවිය යුතු බව සඳහන් කළේය.

-bbc

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *