අන්තර්ජාලය ඔස්සේ බිළිඳු ළදරුවන් 30ක් විකිණූ සැකකරු ඇප මත මුදාහරී

අන්තර්ජාලය ඔස්සේ බිළිඳු දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක ළදරුවන් 30ක් විකිණූ සැකකරු අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ බිළිඳු දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක ළදරුවන් 30ක් විකිණූ සැකකරු අත්අඩංගුවට

අතවරයන් සහ විවිධ හේතූන් මත ගැබිනියන් බවට පත් වූ කාන්තාවන්ගේ දරුවන් 30 දෙනකු නීතිවිරෝධී ගිවිසුම් මත තෙවන පාර්ශ්වයකට මුදලට විකිණූ ජාවාරම්කරුවකු මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පෙරේදා (21) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත ඊයේ (23) මුදාහැර තිබේ.

මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ජාවාරම්කරු මොරටුව නගරය කේන්ද්‍රගතව ස්ථාන දෙකකදී දීර්ඝ කාලයක් මෙම ජාවාරමේ නිරතව ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා(22දා) පැවැසීය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු, විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන්ට පිළිසරණක වන බව පවසමින් කාලාන්තරයක් තිස්සේ සමාජ මාධ්‍යවල ඉතා ප්‍රසිද්ධව සිටි දේශකීර්ති, දේශමාන්‍ය ආදී නාමයන්ගෙන්ද හඳුන්වා ගන්නා මංජුල ලසන්ත උක්වත්ත නැමති 47 හැවිරිදි පුද්ගලයා බවද වාර්තා වේ.

මෙම පුද්ගලයාට පසුගිය දිනක රාජ්‍ය මාධ්‍යවල පවා ප්‍රචාරක වැඩසටහන් ලබාදී තිබිණි.

අන්තර්ජාලය හරහා ‍වෙළද දැන්වීම් මුදාහරිමින් සැකකරු විසින් මෙම ජාවාරමවේ නිරත වී ඇති අතර ‍මෙම ජාවාරම මොරටුවේ ප්‍රදේශයේදි ස්ථාන දෙකකදි සිදු කර ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයා විසින් දරුවන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිටත් විකුණා ඇති බවද අනාවරණය වී තිබේ.

විදෙස් රටවල බේබි ෆාම් යනුවෙන් මෙම කුඩා දරුවන් විකිණීමේ ජාවාරමේ හදුන්වන බවද, මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙකුද සොයා ගත් බවද පොලිසිය කියයි.

විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් නේවාසිකව ස්ථානයක රදවා තෙවැනි පාර්ශවයකට විකුණන බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

“දීප්තිමත් පිටකවර දැමු බොහෝ පොත් වල ඇතුලාන්තය ඔබ හිතන තරම් සොඳුරු නැත…කරුණාකර සමාජය දෙස අවදි උන දෑසින් බලන්න.. මේ සොඳුරු ලෝකයේ රකුසන් ඉන්නෙ වෙස්වලාගෙනය..” යනුවෙන් ෆේස්බුක් ගිණුමක සටහන් කර තිබුණේ මෙම සිදුවීම පාදක කරගනෙ ලියා තිබූ සටහනකය.

දරුවෙකු ස්ථිර හිමිකාරිත්වයෙන් වෙනත් අයකු වෙත පැවරීමේදී දිසා අධිකරණයක් මගින් අවසර ගැනීම සිදුකල යුතු වූවත් එවැනි කිසිදු නෛතික ක්‍රමවේදයක් නොමැතිව මොහු මෙම ජාවාරමේ නිරතව ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය අනුව මිනිස් ජාවාරම් කිරීම, ඉපදීමට පෙර කළලයක් විකිණීමට සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබලදීමේ චෝදානා යටතේ ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා මොරටුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවත් ඉදිරි විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශවරයා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *