වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක් මධ්‍යම අධිවේගය හේතුවෙන් ඉවත් කිරීමේ සූදානමක

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක් මධ්‍යම අධිවේගය හේතුවෙන් ඉවත් කිරීමේ සූදානමක

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක් මධ්‍යම අධිවේගය හේතුවෙන් ඉවත් කිරීමේ සූදානමක

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී දැනට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට ආවේණික ශාකයක් ලෙස හඳුනාගෙන ඇති කෲඩියා සෙලනිකා නැමති ශාකය අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදී ඇති බව පරිසර සංවිධාන අනාවරණ කරනවා.

එම සංවිධාන පෙන්වා දෙන්නේ 2018 වසරේ කරන ලද පරිසර අධ්‍යයනයන් මගින් මෙම ශාකය හඳුනාගනු ලැබූ අතර, පසුව අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී ශාඛය එම ස්ථානයේ ආරක්ෂා වන පරිදි ඉදිකිරීම් සිදු කිරීමට යෝජනා වූ බවයි.

කෙසේ වෙතත් පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අදාළ ආවේනික ශාකය ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබුණා.

ඊයේ අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා තිබූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවන අදියරයේ මධ්‍ය රේඛාවේ දකුණු පසට බරව පිහිටා ඇති කෲඩියා සෙලනිකා නැමති මෙම ශාඛය හානියක් නොවන පරිදි ඉවත් කර සුදුසු පරිසර පද්ධතියක ප්‍රතිෂ්ඨාපනය කිරීමට විරුද්ධත්වයක් නොමැති බවයි.

එසේම එම කාර්ය සඳහා පෞද්ගලික සමාගමක් වෙත අවසර ලබාදීම සම්බන්ධයෙන්ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් දක්වා තිබුණා.

එමඟින් දක්වා ඇත්තේ සුදුසු විද්වත් මණ්ඩලයක අනුමැතිය යටතේ අදාළ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි.

කෙසේ වෙතත් පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ යෝජිත මෙම පෞද්ගලික සමාගම මුතුරාජවෙල පරිසර පද්ධතිය ආශ්‍රිතව ව්‍යාපෘති 72 ක් සිදුකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති සමාගමක් බවයි.

එවැනි සමාගමකට මෙවැනි කාර්යයක් පැවරීමේ තීරණයට එකඟ විය නොහැකි බවද එහි අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *